රට සල්ලි මල්ලක් සමඟ සැකකරුවෙකු අද උදෑසන රේගු දැලේ (VIDEO)

-යුරෝ 22,500, ඇමරිකානු ස්ටාලින් පවුම් 15,000 සහ ජපන් යෙන් 1,000,000 ක් වන විදේශිය මුදල් සහ රුපියල් හැත්තෑ හත් ලක්ෂයක් වටිනා පවුම්, යුරෝ සහ යෙන් රැගෙන සිංගප්පූරුව බලා යාමට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණි දුරකතන උපාංග ව්‍යාපාරිකයෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අද උදෑසන අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පවසන ලදී. එම අත්අඩංගුවට ගත් සැකකරු මහනුවර ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි ව්‍යාපාරිකයෙකි. අද උදෑසන සැකකරු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 306 දරණ ගුවන් යානයෙන් සිංගප්පුරුව බලා යාමට ගුවන්‍ තොටුපොළට පැමිණි අවස්ථාවේ ඔහුගේ ගමන් මල්ලේ තිබී මෙම මුදල් සොයා ගෙන ඇති අතර ‍මෙම මුදල් බන්ඩල 10 යක් වන සකස් කර කාබන් කොළ වල ඔතා තිබු බව ද රේගුව පවසයි. මේ පිළිබඳ විමර්ශණ කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂිකා රෝෂිනී පීරිස් මහත්මියගේ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ස්ටැන්ලි සේනාරත්න මහතාගේ මෙහෙයවීමෙන් නියෝජ්‍ය රේගු අධිකාරී එම්.කේ උදය ගාමිණී සහ සහකාර රේගු අධ්‍යක්ෂක නුවන් අබේනායක යන නිලධාරීහු මේ පිළිබදව පරීක්ෂණ කටයුතු සිදු කරති.

Check Also

චන්ද්‍රිකා – මෛත්‍රී වෙන්වෙයි?

මෛත්‍රීපාල සිරිසේන ජනපති හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපති අතර ඊයේ කොළඹ දී විශේෂ සාකච්ඡාවක් ...

සුසිල්ගේ ගේම මහින්ද හෙළිකරයි

මෛත්‍රීට ඇටෑක් කරන එක වහාම නවත්තන්න. මම මිනිහව හැන්ඩ්ල් කරන්නම්. මේ කරපු වැඩේ සම්පූර්ණ ගෞරවය ...