සිංගප්පූරුවේ මහකොමසාරිස් කාර්යාලයේ කුඩු සහ ගණිකා ව්‍යාපාරයක්?

සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් වරිය ලෙස කටයුතු කරන ෆේරියල් අස්රෆ් , තම කාර්යාලයේ තිබු බුදු පිළිමය ඉවත් කොට ඒ වෙනුවට ඉස්ලාම් ආගමේ මුලාශ්‍ර එල්ලා තැබීම හෙළිවීමෙන් පසු අදාළ තානාපති සේවාවේ අභ්‍යන්තර සේවාවේ සිදුවන විශාල වංචා ප්‍රමාණයක් මේ වන විට හෙළ දරව් වෙමින් තිබේ.

අදාළ තානාපතිනියගේ බෞද්ධ විරෝධී ප්‍රතිපත්තිය ගැන දිවයින පුවත්පත පළමුවෙන් වාර්තා කළේය. එසේම එම පුවත්පත වැඩිදුරටත් සඳහන් කරනු ලැබුවේ, අදාළ තානාපති සේවයේ වැඩපිළිවෙල ගැන එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් සේම විදෙස් බෞද්ධ ජනතාව බොහොමයත් මහත් කළ කිරීමට පත් වී සිටින බවයි. මේ ගැන කිසිඳු ප්‍රකාශයක් මේ වන තෙක් අදාළ තානාපති සේවාවෙන් සිදු කොට නැත.

මේ අතර මෙම තානාපති සේවාවටම අනුබද්ධව සේවය කරන, සංජය අමරසිංහ නමැත්තකු, මැලේසියාවේ එක්තරා ධනවත් ව්‍යපාරකයෙකු සමඟ එකතු වී මත්කුඩු ව්‍යාපාරයක් සහ ගණිකා සේවය සඳහා ස්ත්‍රීන් සිංගප්පූරුවට ගෙන ඒමේ වංචාවක නියැලී සිටින බව විස්වාශදායක ආරංචි මාර්ග වාර්තා කොට සිටිති. අදාළ සිදුවීම සම්බන්ධයෙන් මීට පෙර මැලේසියාවේ ඇතැම් දේශීය පුවත්පත් වාර්තා කොට තිබුණු නමුත් අදාළ වංචාව ඉතා සූක්‍ෂමව සිදු කිරීමට අදාළ තනාපති සේවයේ කටයුතු කරන එම අමරසිංහ නමැති නිලධාරීයා සමත් වී ඇත.

මේ ආකාරයෙන් මොහු මෙවැනි වංචාවල නියැලී සිටින්නේ විවාහක බිරිඳට අමතරව අනියම් කාන්තාවන් නඩත්තු කිරීමට යැයි පැවසේ. එම අනියම් කාන්තාවන් වෙනුවෙන් තානාපති නිතී රෙගුලාසී උල්ලංඝනය කරමින් මෙම නිලධාරියා කටයුතු කරන බව සිංගප්පූරුවේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු ඉතා වගකීමෙන් යුතුව අප වෙත ප්‍රකාශ කළේය.

අදාළ සිදුවීම මඟින් මුළු රටටම හානියක් වීමට පෙර, විදේශ අමාත්‍යංශයට මෙන්ම ජනාධිපතිතුමාට මැදිහත් වී මෙම දුෂිත නිලධාරියා ගැන කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස සිංගපූරුවේ වෙසෙන ශ්‍රීලාංකීය ජනතාව දැඩිව ඉල්ලා සිටිති. මෙම නිලධාරියාගේ වංචනික හැසිරීමෙන් අගතියට පත් වසර ගණනාවක සිට එරට ජීවත් වෙන බොහොමයක් පිරිස් එකතු වී විදේශ අමාත්‍යංශයට පෙත්සමක්ද යොමු කිරීමට සැලසුම් කරමින් සිටින බව එරට ශ්‍රී ලාංකිකයින් වැඩිදුරටත් සඳහන් කළේය.

lankaCnews

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...