-සිංගර් ශ්‍රී ලංකා සමාගම පිට පිටම දෙවැනි වසරටත් පාසල් ක්‍රිකට් ක්‍රීඩාව නඟා සිටුවීමට අනුග්‍රහය දරයි. ප්‍රථමයෙන් ම 2013-2014 වසර වල ක්‍රිකට් ක්‍රීඩාවේ තිඹිරි ගෙය වන පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ අනුග්‍රහකයන් බවට පත් වූ සිංගර් ශ්‍රී ලංකා සමාගම එම වසරේ සිට ඉදිරි වසර 03 ක කාලයක් හෙවත් ලබන වසර තෙක් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ නිල අනුග්‍රාහකයා වශයෙන් කටයුතු කිරීමට ගිව්සුම් ප්‍රකාශ කොට ඇත. මෙහිදී පාසල් ක්‍රිකට් සංගමය විසින් පවත්වනු ලබන අවු. 13, 15, 17 සහ 19 න් පහළ තරඟාවලි සිංගර් අනුග්‍රහයෙන් පවත්වනු ලබන අතර මෙහි ප්‍රධානම තරඟාවලිය වන අවු.19 න් පහළ ඉසව්වේදි සතියේ දක්ෂතම ක්‍රීඩකයා තෝරා ගනිමින් සම්මානයක් පිරිනැමීමට ද සිංගර් සමාගම යෝජනා කර ඇත.
ශ්‍රී ලංකාවට අභිමානයක් එක්කරමින් එතුළ ක්‍රියාත්මක වන දැවැන්තම පාසල් තරඟාවලිය වනුයේ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය මෙහෙයවනු ලබන පාසල් ක්‍රිකට් තරඟාවලිය වන බැවින් කණ්ඩායම් 2000 කට ආසන්න පිරිසක් තරඟ වදින අතර තරඟ 8000ක ට අධික සංඛ්‍යාවක් පැවැත්වේ.
