අදින් වසර දෙසිය අනූ තුනක 293 ට පෙරාතුව හරියටම පවසනවා නම් ක්‍රි. ව. 1720.06.04 වන දින වයඹ දිග ප්‍රදේශයේ පුත්තලමට රාජකීයයෙක් සම්ප්‍රාප්ත වූයේය. රාජකීයයන් සම්ප්‍රාප්ත වීම මෙකල නම් එතරම් දුර්ලභ නොවූවත් මෙකී රාජකීයයා ගේ සම්ප්‍රාප්තියට සුවිශේෂී වැදගත්කමක් එකල ඇතිවී තිබිණි.
සපැමිණි රාජකීය අමුත්තා නම්á එකල හෙළදිව පාලනය කළ ශ්‍රී වීර පරාක්‍රම නරේද්‍රසිංහ රජතුමාය. තවත් අයුරකින් කිවහොත් ශ්‍රී ලාංකික රාජාවලියේ අවසන් සිංහල රජුය. (මෙරජුට දරුවන් නොසිටි නිසා රජ බිසවගේ ද්‍රවිඩ නායක්‌කර් සොයුරු ශ්‍රී විජය රාජසිංහට පසුව රජකම හිමිවීමෙන් සිංහල රාජවංශය නිමා විය.
සිංහලේ අවසන් සිංහල රජු මෙසේ පුත්තලමට පැමිණියේ මන්ද. ඔහු කළ කී දෑ මොනවාද? මෙවැනි කරුණු අපගේ කුතුහලය අවුස්‌සයි. එසේම සැබැවින්ම රජතුමා පුත්තලමට පැමිණියාද යන ප්‍රශ්නයද අපගේ සිතෙහි නැගෙයි.
රජුගේ ආගමනය පිළිබඳ අපූරු ඓතිහාසික සාක්‍ෂි සාධක රැසක් පුත්තලම නගර මධ්‍යයේ පිහිටි මුස්‌ලිම්වරුන්ගේ ඉපැරණි හා ඓතිහාසික මහ පල්ලිය නම් වූ මොහිදින් ජුම්මා මුස්‌ලිම් පල්ලියේ තවමත් ශේෂව පවතින්නේය. රජුගේ ආගමනය සහිත ලිපි සටහන් හා පුරාවිද්‍යාත්මක වටිනා සාක්‍ෂි සාධක එහි අදටත් සුරක්‍ෂිතව තිබෙනු පෙනෙනේය. රජුගේ පුත්තලම් ගමන හා බැඳුණු ඉතිහාස කතාව කියෑවෙන්නේ මෙසේය.
ක්‍රි. ව. 1707 සිට 1739 දක්‌වා වසර තිස් දෙකක් තරම් කාලයක් රාජ්‍ය ධුරය හෙබවූ නරේන්ද්‍රසිංහ රජතුමා තම උඩරට රාජධානියට අයත් පුත්තලම ප්‍රදේශයට පැමිණ ඇත්තේ රාජ්‍ය පාලනයෙහි වූ වැදගත් කාර්යභාරයක් ඉටුකර ගැනීමටයි. එනම් රජතුමාට එරෙහිව ඒ වන විටත් පැන නැගී තිබූ පරසතුරු ලන්දේසි ආක්‍රමණය මැඬපවත්වා ගැනීමට මුස්‌ලිම්වරුන්ගේද සහාය ලබා ගැනීම පිණිසය. එකල මුහුදුබඩ පාලනයද රට අභ්‍යන්තරයේ ඇතැම් ස්‌ථානද ලන්දේසින් විසින් පාලනය කළේය.
ඒ වනවිට ලන්දේසි 1638 දී පෘතුගීසින් පන්නා දමා දෙවන රාජසිංහ සමග ඇතිකරගත් ගිවිසුම කඩ කොට අත්තනෝමතිකව කටයුතු කරමින් සිටියහ. එකල ඔවුන්ව පාලනය පිණිස ආර්ථික සම්බාධක පැනවීමට නරේන්ද්‍රසිංහ රජතුමාටද සිදු විය. ලන්දේසින් එවකට උඩරට රාජධානියට අයත් පුත්තලම කල්පිටිය නැව් තොටුපළ හා තවත් තොටුපළවල් වසා රජුගේ ජාත්‍යන්තර වෙළෙ¹මට බාධා කළෝය. ඒ නිසා උඩරට අලි ඇතුන් කුළුබඩු වර්ග ආහාර ද්‍රව්‍ය ලන්දේසීන්ට විකිණීම රජු විසින් උඩරට වැසියන්ට තහනම් කරන ලදී. ඊට අමතරව රජු විසින් ලන්දේසින් විසූ පෙදෙස්‌වල සිංහල ජනතාව ලවා ලන්දේසීන්ට හිරිහැර ඇතිවන පරිදි විවිධ කෙනෙහිලි හා යටිකූට්‌ටු ක්‍රියා සිදු කරවනු ලැබුවේය.
මෙවන් ආර්ථික සම්බාධක පැනවීමටද පුත්තලම ප්‍රදේශයේ මුසල්මානුවන් ලවා මුහුදු බඩ ලන්දේසින්ට හිරිහැර පමුණුවා කල්පිටිය නැවුතොට විවෘත කර ගැනීමද රජුගේ පුත්තලම ආගමනයේ අරමුණ වන්නට ඇත. එසේම රජුට, උඩරටට ලුණු නිපදවන්නේද පුත්තලමේය. එබැවින් රජුට පුත්තලම ලන්දේසින්ගෙන් මුදා ගැනීමට හෝ රජුට පාක්‍ෂික කර ගැනීමටද අවශ්‍යය වූ බව පෙනුණේය. තවද වයඹ දිග ප්‍රදේශයේ අලි ඇතුන් අල්ලා විදෙස්‌වලට විකිණීමේ සරු වෙළ¹මටද ලන්දේසින්ගේ මෙම අරෝව නිසා රජුට බාධා ඇති වී තිබිණි.
ඒ අතරම රජු, ඊට පෙර රජකම් කළ දෙවන විමල ධර්මසූරිය, දෙවන රාජසිංහ, සෙනරත් රජුන් මෙන් රාජ්‍ය පාලනයෙහි දැක්‌වූ අසමත්කම් නිසා උඩරට රදළ ප්‍රධානීන්ගේද උදහසට ලක් වෙමින් සිටියේය. ඉන්දීය කතුන් විවාහ කර ගැනීමත් සමග උඩරට රාජ්‍යයෙහි බලය කෙමෙන් නායක්‌කර්වරුන් දෙසට නැඹුරුවීමත් යන කාරණාද මත උඩරට සිංහල රදළ ප්‍රධානීන්ගේ අප්‍රසාදයද රජු වෙත නිරතුරුවම එල්ලවෙමින් පැවතිණි.
රජුට මේ සියලු පීඩනයන් එල්ල වෙමින් තිබියදී රටේද රදළයින්ගේද ප්‍රසාදය ලබා ගැනීම පිණිස ලන්දේසින්ට හිරිහැර කිරීම මැඬපැවැත්වීම හා එළවා දැමීමට කටයුතු කිරීමට රජුට අත්‍යන්තයෙන්ම සිදුවී තිබිණි. සිරිලක වෙළ¹ම කෙරෙහි ලොබබැඳ නතුවී සිටි ලන්දේසීහු ඉන් නොකිපී පෙර පරිදිම තම වෙළෙ¹ම කරගෙන ගියෝය. මෙය රජුට හිසරදයක් විය. තමා පසුපසින් නැගෙනමින් පවතින උඩරට රදළයින්ගේ විරෝධතාවට ද රට වැසියන්ගේ අප්‍රසාදයද ලන්දේසින්ගේ ස්‌ථාවරයත්වයටද රජුට එකවර මුහුණදීමට සිදුවිණි.
අවසන රජුගේ තීන්දුව වූයේ ලන්දේසි පෙදෙස්‌වල ආක්‍රමණ තර කිරීමයි. රජු මෙසේ පුත්තලමට පැමිණ ප්‍රදේශයේ මුස්‌ලිම් ප්‍රධානීන් හමුවී ඔවුන්ව දිනා ගන්නට කටයුතු කර තිබිණි. රජුගේ මුතු ගබඩාවද වූයේ හලාවත සිලාවතුරේ අරිප්පු යන වයඹ දිග මුහුදු තීරයේය. මුතු වෙළ¹මට ලන්දේසින්ගෙන් ඇතිවූ අවහිරයද මැඬපවත්වා ගැනීමට ලුණු නිධි ආරක්‍ෂා කර ගැනීමට අලි ඇතුන් වෙළ¹ම වෙනදා මෙන් පවත්වා ගෙන යැමටත් රජුට අත්‍යවශ්‍යවී තිබිණි. රජුගේ සිතිඟියාවන් සමග රජුගේ පැවැත්ම සඳහාද මුසල්මානුවන්ගේ සහාය ලබා ගැනීම රජුගේ අපේක්‍ෂාව වූ බව පෙනුණි.
ඉතිහාස කතාවට අනුව පුත්තලමේදී රජුගේ අභිමතාර්ථයන් මෙන්ම ආරක්‍ෂාව පිළිබඳ ගැටලුවලටද යම් සාර්ථක ප්‍රතිචාරයක් ලැබී තිබේ. එසේම මුසල්මානුවන් රජු පිළිගත්තේද, සංග්‍රහ සත්කාර කර ඇත්තේ ඉතා උසස් අයුරිනි. මේ සියල්ලෙන් සතුටින් පිනාගිය රජතුමා වටිනා ත්‍යාග රැසක් මුසල්මානුවන්ට පිදීය. රජුගේ රාජකීය ධජය, සුදු සෙමර, රිදී කුංජ, සේසත්, අලංකාර පහන්, රිදී පහන්, හා පිත්තලෙන් නිමවූ විශාල නළාවක් රජු මුසල්මානුවන්ට පරිත්‍යාග කළේය. රජු ඉඩම් ලබා දුන්නේ ද යන්න හෙළිවී නැතත් රජුගේ කරුණාව හා පරිත්‍යාගශීලී බව මුසල්මානුවන් වෙත නැඹුරුවී තිබෙනු බව නම් එකහෙලාම සිතාගත හැකිය.
මේ රාජකීය භාණ්‌ඩවලින් අදට ඉතිරි වී තිබෙන්නේ සුදු සෙමර හා පිත්තල විශාල නළාවයි. ඒවා පුත්තලම් පැරණි මහ පල්ලිය වන මොහිදින් ජුම්මා මුස්‌ලිම් පල්ලියේ සුරක්‍ෂිතක කොට තිබේ. සිංහල රජෙකු තමනට ප්‍රදානය කළ එම වස්‌තු පුත්තලමේ මුස්‌ලිම් ජනතාව සාඩම්බරයෙන් හා සාදරයෙන් සුරක්‍ෂිත කරති.
ටෙරන්ස් වනිගසිංහ