විල්පත්තු කැලේ කපන බදුයිදීන් ගැන අසා දැක සවන් පිරී ඇත්තේය. දෑස් හෙම්බත් වී ඇත්තේය. අපි කවුරුත් විල්පත්තුවට අත තබනවාට අකමැතිය.එය දැවැන්ත පරිසර හානියකි.එසේ අකමැති බොහෝ අය පෝර්ට් සිටියට විරුද්ධ නැත.පුදුමය එයයි.පෝර්ට් සිටිය යනු වන රක්ෂිතයක් නොවුනද දැවැන්ත පාරිසරික අර්බුදයකි.
චයිනා පෝට්සිටි ව්‍යාපෘතිය මෑත කාලීන ලංකා ආර්ථිකය හොල්ලන ලද විශාලතම සෘජු ආයෝජනයය. චයිනා පෝට්සිටි ඩිවෙලොප්මන්ට් කොම්පැනි නමැති සමාගම මෙම ව්‍යාපෘතියේ පෙනෙන්නට සිටින ආයෝජකයාය. ඇමරිකානු ඩොලර් බිලියන 4.6 ක දැවැන්ත ආයෝජනයක් වෙනුවෙන් කොළඹ සංවේදීම වෙරළ තීරයට යාබද සාගරයෙන් අක්කර 268 ක් ගොඩකරමින් මෙම ව්‍යාපෘතිය දියත් වෙමින් පවතින්නේය. චීන – ශ්‍රීලංකා රාජ්‍ය නායකයන් හිතුමනාපෙට අත්සන් කළ මෙම ව්‍යාපෘතියට අදාළ ගිවිසුම, අත්සන් කළදා පටන් ආන්දෝලනාත්මක එකක් වූයේය. මෙම ව්‍යාපෘතිය පරිසරයට දැඩි හානි පමුණුවන එකක් බව පරිසරවේදීන්ගේ මතය විය. ආර්ථික වශයෙනුත් පාරිසරික වශයෙනුත් මරඋගුලක් ලෙස පෝට්සිටි ව්‍යාපෘතිය හඳුනා ගැනිණි. ඒ නිසාම පසුගිය ජනාධිපතිවරණ සමයේ පෙරළිකාර මාතෘකාවක්ද වූයේ.
නව ජනාධිපතිවරයාත් නව අගමැතිවරයා ප්රමුඛ නව ආණ්ඩුවත් පත්වීමෙන් පසු මෙම ව්‍යාපෘතියේ වැඩකටයුතු තාවකාලිකව අත්හිටවනු ලැබීය. චීනය මැදිහත්වීමෙන් දියත්වන පෝට්සිටි ව්‍යාපෘතිය නිසා අසල්වැසි ඉන්දියාවේ හිත රිදෙන තත්වය මෙන්ම ඒ හා බැඳුණු කලාපීය හා ගෝලීය බල දේශපාලන අර්බුදයන් ලංකා රාජ්‍යය පැත්තෙන් කළමණාකරණය කරගැනීම සඳහා කිසියම් තර්කානුකූල කාලයක් අවශ්‍ය බව පැහැදිලිය. කෙසේවෙතත් යෝජිත වරාය නගරයේ ඉදිකිරීම් කටයුතු වලට එරෙහිව සැලකියයුතු තරම් විරෝධයක් එනවිට එහි ඉදිරියෙන්ම කටයුතු කළ මාධ්‍ය ආයතනය වූයේ සිරසය. cctv කැමරාවලින් ලබාගත් දර්ශන යොදාගනිමින් `මනරම්` මාධ්‍ය හරඹයක යෙදුනු සිරස එක්වරම ඒ මහා විරෝධය අකුලාගත්තේ ඇයි ? ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසන්නේ වැඩියෙන්ම කෑ ගැසූ මාධ්‍ය ආයතනය වැඩිම මුදලක ඩීල් එකක් අදාළ ව්‍යාපෘතියේ නියමුවන් සමග දමාගත් බවය.
ඒ මෙසේය. චයිනා පෝට්සිටි ඩිවෙලොප්මන්ට් කොම්පැනි, ෆීනික්ස් ඔගිල්වී නමැති ප්රතිරූප ප්‍රවර්ධන සමාගමකට කොන්ත්‍රාත්තුවක් ලබා දී ඇත. ඒ තමන්ගේ ප්‍රතිරූපය ඉහල දමා ගැනීමටත් දිගින් දිගටම එල්ලවන මාධ්‍ය ප්රහාරයන්ගෙන් ගැලවීමටත්ය. එම කොන්ත්‍රාත්තුව ඩොලර් මිලියන ගණනක එකක් බව සැලවූ වහාම මහරාජා ලොක්කා වරාය ව්‍යාපෘතියේ ඉහලම ලොක්කෙක් සමග ඩීල් එක ආරම්භ කර ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස මාධ්‍ය ප්‍රහාර නැවත්වීමට එකඟ වී ඇති අතර මූලික අත්තිකාරම් මුදල ඇමරිකානු ඩොලර් මිලියන තුනක් බව වාර්කා වෙයි.
සම්පූර්ණ කොන්ත්‍රාත්තුව වෙනුවෙන් යෝජනා වී ඇති මුදල් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 25 කි. මුල් අදියරේ කටයුතු සඳහා රුපියල් ලක්ෂ 4000 කට ආසන්න මුදලක් ලබාගෙන ඇතිබව ව්‍යාපාරික හා මුල්‍ය ක්ෂේත්රයේ ආරංචි මාර්ග පවසයි. දැන් පෝට්සිටි ව්‍යාපෘතිය රන්බිම ව්‍යාපෘතිය බවට පත්වී ඇත. ඒ රන්බිමේ නෙළුම් කුලුනටත් වඩා උස කුළුණක් ඉදිවන බව කියවෙන්නේය. මේ වන විට සිරස “රන් භූමි” චාරිකා නමින් රට වටා යමින් ගඩොල් එකතු කරන්නේ මෙම කුළුණ හැදීමටය. ජනතාවගේ නාලිකාව යැයි කියාගනිමින් රිෂාඩ් බදුයිදුනි විල්පත්තු කැලේට කළ සංහාරය මෙන් සිය ගුණයක පමණ පරිසර හානියක් සිදුවන පෝර්ට් සිටියෙන් මහාජාරා බඩ වඩා ගන්නේ මේ ආකාරයටය. වී ඩිසයිඩ් යූ රිපෝට් සෙල්ලමේ, ඇත්ත රිපෝට් එකේ දත්ත ඔන්න ඔහොමය.
මේවා හැමෝම දන්න ඒවාය. හැබැයි කව්රුත් කටක් ඇර කියන්නේ නැත. මේවා අනුර – චම්පික – රතන – වර්ණසිංහ වර්ගයේ හෝ වෙනත් වර්ගයක උදවිය දන්නේ නැද්ද ? හොඳටම දන්නවාය. හැබැයි කටක් ඇර කියන්නේ නැත. මාධ්‍ය අධිරාජ්‍යවලට රැඩිකල්ම දේශපාලකයාත් පට්ට බයය. මහින්දගේ වශී බෝලයට වඩා මේ මාධ්‍ය වශී බෝලය භයානක එකකි. වොයිස් කට් එකක් වෙනුවෙන් දේශපාලන ප්‍රතිපත්ති පාවාදෙන විකාරයක් නිර්මාණය වී ඇත්තේය. ප්‍රෝග්‍රෑම් එකක් වෙනුවෙන් දේශපාලන මතවාද උගුරේ හිරකරගෙන චව් චව් ගාන යුගයක් උදා වී ඇත. නිවුස් එකේ යන විෂුවල් එකක් වෙනුවෙන් නරකම දේශපාලන කුහකකම නඩත්තු කරන අමන යුගයක් පැමිණ ඇත. අපේ කාලයේ ජනතා දේශපාලනය යටකරගෙන මාධ්‍ය දේශපාලනය උඩට ඇවිත් තිබෙන්නේ ආන්න ඒ ආකාරයටය. මහා ලොකු පරිසරවේදීන් මාධ්‍ය අධිරාජ්‍යය ඉදිරියේ නකුට සඟවන් සිටීම සිනහ උපදවන්නේය.
මුලාශ්‍රය රන්දිව පුවත්පත