ශිරන්ති රාජපක්ෂ මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවීම අසාධාරණ බව සහ සිරිලිය ගිණුම නිදහස් කරදෙන ලෙස ඉල්ලමින් මාධ්‍ය හමුවක් පැවැත්වීමට පැමිණි ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ආධාරකරුවෝ අද අසරණ විය.
මාධ්‍ය හමුව සංවිධානය කර තිබූ හෝ කැඳවා තිබූ කිසිවෙකු මාධ්‍ය හමුව කැදවා තිබූ පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය තුළ නොසිටීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වූ බවයි අප වාර්තා කරු පැවසුවේ.
කෙසේ වෙතත් මාධ්‍යවේදීන් ඔවුන්ගෙන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දීමට පවා ඔවුහු අපොහොසත් වූහ.
මෙම මාධ්‍ය හමුව ආවරණය කිරීම සඳහා පැමිණෙන ලෙස දැනුම් දී තිබුණේ මන්ත්‍රී මනුෂ නානායක්කාර විසිනි.