-ජනප්‍රිය ගායකයකු හා සංගීතඥයකු වූ සිසිර සේනාරත්න මහතා අද කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත විය.
මිය යන විට ඒ මහතාගේ වයස අවුරුදු 79 කි. කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි සිසුවකු වන සේනාරත්න මහතා 1960 දශකයේ සංගීත ක්ෂේත්‍රයට අවතීර්ණව චිත්‍රපට පසුබිම් ගායකයකු ලෙස ජනාදරයට පත්විය.
ඕලු නෙළුම් නෙරිය රඟාලා, ගයා ගීතයන් ගමේ වෙල් එළියේ, මාගෙ පුතුට මල්, පිදුරු සෙවිලි කළ පැල්පතේ, සිරිපා වඳිමූ මුනිගේ ආදී ජනප්‍රිය ගීත රැසක් සංගීත ක්ෂේත්‍රයට දායාද කළ ඔහු ජනප්‍රිය ගායිකා ඉන්ද්‍රානි සේනාරත්න මහත්මියගේ සැමියාද වෙයි.