විවාහ මංගල්‍ය උත්සය දිනයේ මනමාලිය පැහැරගෙන ගොස් ඇය සමඟ රැයක් ගතකල මනාලියගේ සහෝදරියකගේ සැමියාට වසර 7ක සිර දඬුවම් නියම කෙරේ.කෑගල්ල මහාධිකරණ විනිසුරු ගාමිණි අමරසේකර මහතා මෙම නියෝගය නිකුත් කර තිබේ.
25 හැවිරිසි සැකකරු සිය බිරියගේ නැඟණියගේ විවාහ මංගල්‍ය උත්සවය පැවැත්වෙන අතර තුරු එම හෝටලයට පැමිණ මෙම පැහැරගැනීම සිදුකර තිබේ. පසුගිය 2001 වසරේ ජනවාරි 30 වනදා එම විවාහ මංගල්‍යය පැවති හෝටලයට පැමිණි සැකකරු සිය බිරියට අසනීප බවත් ඇය කරවනැල්ල රෝහලට ඇතුළත් කළ බවත් බවසා මනාලයා සහ මනාලිය ත්‍රීරෝද රථයක නංවාගෙන සහෝදරිය බැලීම රැගෙන ගොස් තිබේ.
අතරමඟදී රෝගී බිරියට කෑම පැකැට්ටුවක් මිලදී ගන්නා ලෙස මනාලයාට පවසා ඔහු ත්‍රී රෝද රථයෙන් බස්සවා ඇති සැකකරු මනාලිය රැගෙන පලා ගොස් තිබේ. ත්‍රීරොද රථය ගිය ඉසව්ව සොයාගත නොහැකි වු මනාලයා පොලීසියට පැමිණිලි කර තිබේ.පසුව අදාල සැකකරුට එරෙහිව නඩු පවරා ඇති අතර එම නඩුව වෙනුවෙන් පෙනී සිටි විත්තියේ නීතිඝවරයා සඳහන් කර ඇත්තේ මනාලියගේ කැමැත්ත මත මෙම සිදුවීම සිදුව ඇති බවයි.