චීනයෙන් ආනයනය කළ තව ත් බස් රථ 800 ක් මේ මස අවසන් සතිය වනවිට දිවයිනට ලැබෙන බව ශ්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි.
එහි නියෝජ්‍ය සභාපති එල්.ඒ. විමලරත්න මහතා පැවසුවේ එම බස් රථ ග්‍රාමීය ප්‍රවාහන අවශ්‍යතා මෙන්ම නගරාන්තර ධාවන කටයුතු සදහා යෙදවීමට අපේක්ෂිත බව ය.
චීනයෙන් ඇනවුම් කළ බස් රථ 2,200 න් මේ වනවිට බස් රථ 1,600 ක් ලැබී ඇති අතර ඒවායින් බහුතරය ලංගම ඩිපෝ සඳහා බෙදාහැර ඇති බව ඔහු සඳහන් කළේය.