LMD ශ්‍රේණිගත කිරීම් වලින් පළමු ස්ථානය SLIITයට

ප‍්‍රමුඛ ව්‍යාපාරික සගරාවක් වන LMD ස`ගරාව විසින් මෙරට උසස් අධ්‍යාපන ආයතන ශ්‍රේණිගත කිරීම් වලට අනුව අංක එකේ උසස් අධ්‍යාපන ආයතන ලෙසින්, ශී‍්‍ර ලංකා තොරතුරු තාක්ෂණ උසස් අධ්‍යාපන ආයතනය SLIIT නම් කරයි. පිළිගත් උපාධි පිරිනමනු ලබන උසස් අධ්‍යාපන ආයතන යොදා ගනිමින් මෙරට ප‍්‍රමුඛ පෙළ සමීක්ෂණ ආයතනයක් වන TNS Lanka ආයතනය විසින් සිදුකල සමීක්ෂණයකට අනුව LMD සගරාව මෙම ශ්‍රේණිගත කිරීම සිදුකර තිබේ.

දේශිය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් පිළිගත් උපාධි පිරිනමමින්, පිළිගත් ජාත්‍යන්තර විශ්ව විද්‍යාල සම`ගින් සම්බන්ධ වී අධ්‍යාපනය හැදෑරීමේ වරම් ලබාදීම හා ලොව ඉහළම සුදුසුකම් සපුරන ලද ආචාර්ය මණ්ඩලයක් සම`ගින් පුළුල් පරාසයක් ඔස්සේ විහිදුණු අධ්‍යාපන අවස්ථා සලසා දෙමින්, ශිෂ්‍යත්ව, කී‍්‍රඩා හා විෂය බාහිර කි‍්‍රයාකාරකම් සම`ගින් සිසුන්ට අධ්‍යාපන අවස්ථා සලසා දීම SLIIT ආයතනය මෙලෙස ශ්‍රේණිගත කිරීම් වල පළමු ස්ථානය දිනා ගැනීමට හේතු සාධක විය.

සමීක්ෂණයට අනුව ලකුණු 1,105ක් හිමිකර ගනිමින් SLIIT ආයතනය උසස් අධ්‍යාපන ආයතන 40ක් අභිබවමින් පළමු ස්ථානයට පත්ව තිබේ. එහි දෙවැනි ස්ථානය ශී‍්‍ර ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය (Ceylon German Technical Training Institute) විසින් දිනාගත් අතර එම ආයතනය වෙනුවෙන් හිමි වූ ලකුණු සංඛ්‍යාව 697කි. ජාතික ව්‍යාපාර කළමණාකරන ආයතනය (British College of Applied Studies) හා ඇක්වයිනාස් උසස් අධ්‍යාපන ආයතනය (Aquinas College of Higher Studies) පිළිවෙලින් ලකුණු 695, 655 හා 642 බැගින් හිමිකර ගනිමින් ශ්‍රේණිගත කිරීම් වල තුන්වැනි, සිව්වැනි හා පස්වැනි ස්ථාන ස්ථාන හිමිකර ගන්නා ලදී.

ශ්‍රේණිගත කිරීම් පිළිබ`ද අදහස් දක්වමින් ීඛෂෂඔ ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය ලලිත් ගමගේමහතා ස`දහන් කළේ ‘‘ ශ්‍රේණිගත කිරීම් වල අංක එකේ ආයතනය බවට පත් වීමට හැකි වීම පිළිබ`ද අප ඉමහත් සතුටට පත් වන අතර එය ශී‍්‍ර ලංකාව ද මැලෙසියාවට සමාන අධ්‍යාපනික කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ අපගේ අරමුණ ඉටුකර ගැනීම ස`දහා අනුගමනය කරන පිළිවෙත ප‍්‍රායෝගික බව පෙන්නුම් කරන්නකි. එම අරමුණ ඉටුකර ගැනීම වෙනුවෙන් ශ්‍රේණිගත කිරීම් වල ඉහළ මට්ටමේ පවතින විශ්ව විද්‍යාලයක් ලෙසින්උසස් පාඨමාලා කි‍්‍රයාත්මක කිරීම වැදගත් වේ.’’ යනුවෙනි. තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රයේ නිම්වළලූ පුළුල් කිරීමේ අරමුණ පෙරදැරිව 1999 වසරේ දී සිසුන් 400දෙනෙකුගේ සහභාගිත්වයෙන් ලංකා බැංකු මර්චන්ට් ගොඩනැගිල්ලේ SLIIT ආයතනය ආරම්භ විය.

මේ වනවිට SLIITආයතනය මණ්ඩප දෙකකින් හා මධ්‍යස්ථාන ගණනාවකින් සමන්විත සිසුන් 6000ක් පමණ අධ්‍යාපනය ලබන ස්ථානයක් බවට පත්ව ඇති අතර මාලඹේ පිහිටි SLIIT මණ්ඩපය එම සියලූ පහසුකම් වලින් සමන්විත පරිපූර්ණ විශ්ව විද්‍යාලයක් ලෙසින් පවතී. මහාචාර්ය ගමගේ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් වැඩිදුරටත් කියා සිටියේ ‘‘කළාපයේ ප‍්‍රමුඛතම උසස් අධ්‍යාපන ආයතන 10 අතරට එක්වීම ස`දහා අපගේ අනාගත සැලසුම් අවධානය යොමු කල අංශ තුනක් පවතී. අධ්‍යාපන වැඩසටහන් තවදුරටත් පුළුල් කිරීම, පර්යේෂණ හා සංවර්ධන කටයුතු වැඩි කිරීම හා අපගේ විශ්ව විද්‍යාලය හා එහි කි‍්‍රයාත්මක උපාධි පාඨමාලා ජාත්‍යන්තරයට රැගෙන යාම ඊට ඇතුළත් වේ.’’ යනුවෙනි.

‘‘අපෙගේ ආයතනය හා මධ්‍යස්ථාන කලාත්මක ගොඩනැගිලි, පර්යේෂණාගාර, පුස්තකාල හා දේශන ශාලා ඇතුළු පහසුකම් රැසකින් සමන්විත වන අතර ඉගැන්වීමට මෙන්ම අධ්‍යයන කටයුතු ස`දහා වඩාත් හිතකාමී පරිසරයක් ඒ තුළින් නිර්මාණය වී තිබේ. නවීන යටිතල පහසුකම් හා ඉහළම සුදුසුකම්ලාභී ආචාර්ය මණ්ඩලයක් සම`ගින්, පරිපූර්ණ දක්ෂතා වලින් පිරි සිසුන් බිහි කිරීම ස`දහා ඉවහල් වන කී‍්‍රඩා ඉසව්, කුසලතා විදහා දක්වන සංදර්ශන ඇතුළු විෂය බාහිර කි‍්‍රයාකාරකම් ද පවතී.’’ යන්න SLIIT ආයතනයේ සභාපති මහාචාර්ය එස්. කරුණාරත්න මහතා පැවසීය.

SLIIT ආයතනය සිය පාර්ශවකරුවන් ලෙස කටයුතු කරනු ලබන ලොව පිළිගත් ජාත්‍යන්තර විශ්ව විද්‍යාල 20කට වැඩි සංඛ්‍යාවක් සම`ගින් තොරතුරු තාක්ෂණ, ඉංජිනේරු හා ව්‍යාපාර කළමණාකරන වැනි විෂය මාලාවන් ඔස්සේ මෙරට විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය සම`ගින් උපාධි මට්ටමේ සිට පශ්චාත් උපාධිය දක්වා පාඨමාලා කි‍්‍රයාත්මක කරනු ලබයි. තොරතුරු තාක්ෂණ (Information Technology) විෂයට අදාළව විද්‍යාවේදී ගෞරව උපාධිය ම`ගින් (B.Sc. Honours) පරිගණක පද්ධති හා ජාලගත කිරීම් (Computer Systems and Networking), මෘදුකාංග ඉංජිනේරු (Software Engineering), සන්නිවේදන මාධ්‍ය (Interactive Media) හා තොරතුරු පද්ධති (Information Systems) යන විෂයන්ට අදාළව විශේෂඥයකු බවට පත්වීමේ අවස්ථාව උදා වේ. ව්‍යාපාර කළමණාකරණයට අදාළ ව්‍යාපාර පරිපාලන විශේෂ ගෞරව උපාධියට අලෙවි කළමණාකරන , ගිණුම්කරණ හා මූල්‍ය මානව සම්පත් කළමණාකරණය තත්තව කළමණාකරනය හා තොරතුරු පද්ධති කළමණාකරනය යන විෂයන්ට අදාළව විශේෂඥයින් බිහි කිරීමේ හැකියාව පවතී. ඉංජිනේරු උපාධියක් හිමිකර ගැනීමට කැමැත්තක් දක්වන සිසුන්ට සිවිල් යාන්ති‍්‍රක (ඵැජය්බසජ්ක*, අමුද්‍රව්‍ය විදුලි හා ඉලෙක්ට්‍රොනික යන ක්ෂේත‍්‍ර වලට අදාළව සිව්වසරක ඉංජිනේරු විද්‍යාවේදී ගෞරව උපාධි පාඨමාලාව හැදෑරීමේ අවස්ථාව පවතින අතර මයික්‍රොසොෆ්ට්, හා ඒකාබද්ධව කි‍්‍රයාත්මක කරනු ලබන වෘත්තිමය පාඨමාලා සම`ගින් සම්බන්ධ වීමේ අවස්ථාවද උදාකර ගත හැකිය.

මෙවැනි පුළුල් පරාසයක් ඔස්සේ විහිදුණු පාඨමාලා සම`ගින් ආයතනයේ ඉගෙනුම ලබන සිසුන්ට ඔස්ටේ‍්‍රලියාවේ විශ්ව විද්‍යාලයේ හා බි‍්‍රතාන්‍යයේ විශ්ව විද්‍යාලය ම`ගින් පිරිනමනු ලබන උපාධි ස`දහා හිමිකම් කිවීමේ හැකියාව පවතී. විශ්ව විද්‍යාලය සම`ග සම්බන්ධ වීමෙන් තොරතුරු තාක්ෂණය පරිගණක පද්ධති හා ජාලගත කිරීම් මෘදුකාංග ඉංජිනේරු යාන්ති‍්‍රක ඉංජිනේරු සිවිල් හා ඉදිකිරීම් ඉංජිනේරු විද්‍යුත් හා බලශක්ති ඉංජිනේරු හා පරිගණක පද්ධති ඉංජිනෙරු යන විෂයන්ට අදාලව විද්‍යාවේදී උපාධිය හැදෑරීමේ අවස්ථාව උදා වේ.

Sheffield Hallam විශ්ව විද්‍යාලය මගින් සිසුන් ස`දහා ව්‍යාපාර කළමණාකරන විෂයට අදාළ ව්‍යාපාර පරිපාලන ගෞරව උපාධිය ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු විෂයට අදාළව ඉංජිනේරු උපාධි පාඨමාලා හා ඉලෙක්ට්‍රොනික හා විදුලි ඉංජිනේරු උපාධිය හැදෑරීමේ අවස්ථාව පවතී.

උපාධිධාරී සිසුන්ට වෘත්තිමය හැකියාවන් ඉහළ නංවා ගැනීම හා රැකියා අවස්ථා සොයා ගැනීම ස`දහා අවශ්‍ය ම`ග පෙන්වීම SLIIT ද ආයතනය ම`ගින් සිදු කරනු ලබයි. ඒ අනුව උපාධිය අවසන් කල පළමු වසර ඇතුළත සෑම සිසුවෙකුටම රැකියා හිමිවන බවට ීඛෂෂඔ ආයතනය සහතික වී තිබේ.

SLIIT ආයතනය, පොදු රාජ්‍ය මණ්ඩලීය විශ්ව විද්‍යාල සංගමයේ මෙන්ම ජාත්‍යන්තර විශ්ව විද්‍යාල සංවිධානයේ ද සාමාජිකත්වය දරණු ලබයි. මෙරට රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන අතරින් මෙලෙස ඇගයීමට ලක් වූ එකම රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනය ලෙස SLIIT ආයතනය ගෞරවාදරයට පාත‍්‍රව සිටියි. ආයතනය හා සම්බන්ධ වීමට කැමැත්තක් දක්වන සිසුන් වෙත www.sliit.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 0112413900 දුරකථන අංකය සමග සම්බන්ධ වීමෙන් වැඩිදුර විස්තර ලබා ගත හැකිය.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...