ලොව ජංගම දුරකථන භාවිතා කරන්නන් බිලියන ගණනක් අතර ඉතා ප‍්‍රචලිත කෙටි පණිවුඩ සේවාව හෙවත් sms සේවයට ඊයේ (03) දිනයේදී වසර 20ක් සම්පූර්ණ විය.
නත්තල් සුබපැතුමක් ලෙස ලොව පළමු කෙටි පණිවුඩය යවා ඇත්තේ 1992 වසරේ දීය.
ගත වන සෑම විනාඩියකටම කෙටි පණිවිඩ මිලියන 15ක් යැවෙන බවත් පසුගිය වසර තුළදී යවා තිබූ කෙටි පණිවුඩ සංඛ්‍යාව ටි‍්‍රලියන 08කට අධික බවත් වාර්තා වේ.
මේ අතරින් වැඩි වශයෙන් කෙටි පණිවුඩ යැවීමට නැඹුරු වී ඇත්තේ අවුරුදු 18ත් 23ත් අතර වයස් කාණ්ඩයේ පසුවන්නන් බවද වාර්තා වේ.
එසේම මේ වන විට කෙටි පණිවුඩ තාක්ෂණය ප්‍රවෘත්ති, දැන්වීම් ප‍්‍රචාරණය ඇතුළු ක්ෂේත‍්‍ර ගණනාවක් සඳහා ද භාවිත කරයි.