ඇමෙරිකානු බුද්ධි අංශ රහස් හෙළි කළ හිටපු සී.අයි.ඒ. සේවක එඩ්වඩ් ස්නෝඩන්ට නව රැකියාවක් ලැබුණු බව ඔහුගේ නීතිඥයා පවසයි.
මෙම රැකියාව රුසියාවේ විශාල පෞද්ගලික වබේ අඩවියක බවද ඔහු සඳහන් කර ඇත. එසේම ස්නෝඩන් නොවැම්බර් මාසයේ ඒ රැකියාව ආරම්භ කරන්නේ යැයිද ඔහු හෙළි කර තිබේ.
මේ වනවිට 30 වැනි වියේ පසුවන එඩ්වඩ් ස්නෝඩන් රුසියාවේ දේශපාලන රැකවරණ යටතේ දිවි ගෙවයි. කෙසේ වුවද ආරක්ෂක හේතූන් මත ස්නෝඩන්ට රැකියාව ලැබුණු වබේ අඩවිය කුමක්ද යන්න ඔහුගේ නීතිඥයා හෙළිකර නැත. එහෙත් මේ වසර මුලදී Vkontakte නම් ජනප්‍රිය සමාජයීය වබේ අඩවියෙන් ඔහුට රැකියාවක් සඳහා ආරාධනා ලැබි තිබුණි. Vkontakte වබේ අඩවිය Facebook වබේ අඩවියේ තරගකාරී සමාජයීය වබේ අඩවිය ලෙස සැලකේ.
Vkontakte හි නිර්මාතෘ පවෙල් දුරෝව් 2006 වසරේ ඔහුගේ වබේ පිටුව හරහා තම වබේ අඩවියේ ශාන්ත පීටර්ස්බර්ග් නගරයේ පිහිටි ප්‍රධාන කාර්යාලයේ තනතුරක් භාරගන්නා ලෙස ස්නෝඩන්ට ප්‍රසිද්ධ ආරාධනයක් කළේය.
Rivira