12.8 C
London
Tuesday, December 9, 2025
spot_img

මෛත්‍රීට හැකරුන්ගෙන් තර්ජන

මෛත්‍රීපාල සිරිසේන විපක්ෂයේ පොදු අපේක්ෂකයාගේ අන්තර්ජාල වෙබ් අඩවියට ඇතුල්වී වෙනත් තොරතුරු ඇතුල්කිරීමට ගත් උත්සාහයක් ව්‍යර්ථ කළ බව පොදු අපේක්ෂකයාගේ සමාජ මාධ්‍ය සහ ඩිජිටල් තාක්ෂණික අංශය පවසයි.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමාජ වෙබ් අඩවි අංශයක් විසින් ජනාධිපතිවරයාගේ නත්තල් පණිවිඩයක් ඇතුල් කිරීමට ගත් වෑයම එම අවස්ථාවේදීම වැළැක්වීමට හැකිවූ බවයි පොදු අපේක්ෂකයාගේ සමාජ මාධ්‍ය සහ ඩිජිටල් තාක්ෂණික අංශයේ සම්බන්ධීකාරක සුවි විජේරත්න සංදේශයට පැවසුවේ.

නත්තල් පණිවිඩය

චීනයෙන් ගෙන්වා සිටින කණ්ඩායමක් විසින් අද නත්තල් දින පෙරවරු 11.30 ට ජනාධිපතිවරයාගේ නත්තල් පණිවිඩයක් පොදු අපේක්ෂකයාගේ වෙබ් අඩවියට ඇතුල් කරණ බවට දැන ගන්නට ලැබුණු බවත් ඒ අනුව ක්‍රියාත්මක වී එම වෑයම සාර්ථකව මැඩපැවැත්වූ බවත් ඔහු ප්‍රකාශ කළේය.

විපක්ෂයේ පොදු අපේක්ෂකයාගේ සමාජ මාධ්‍ය සහ ඩිජිටල් තාක්ෂණික අංශයේ දක්ෂ ශ්‍රී ලාංකික කණ්ඩායමක් සේවය කරන බව පැවසූ සම්බන්ධීකාරක සුවි විජේරත්න ඔවුන් පැය 24 පුරාම සක්‍රීය නිරීක්ෂණයක යෙදී සිටින බව පැවසුවේය.
වෙබ් අඩවියට ඇතුල්වන සැක කටයුතු පුද්ගලයන් පිළිබඳව විමසිල්ලෙන් සිටින බව ප්‍රකාශ කළ ඔහු මීට ප්‍රථමයෙන්ද වෙබ් අඩවියට ඇතුල්වීමට ගත් උත්සාහයන් වැළැක්වීමට පියවර ගත් බව සඳහන් කළේය.

බොරු ප්‍රසිද්ධියක්

මෛත්‍රීපාල සිරිසේන විපක්ෂයේ පොදු අපේක්ෂකයාගේ සමාජ මාධ්‍ය සහ ඩිජිටල් තාක්ෂණික අංශය නගන මේ චෝදනාව ප්‍රතික්ෂේප කරමින් ජන මාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටියේ එය බොරු ප්‍රසිද්ධියක් ලබා ගැනීම සඳහා දරන උත්සාහයක් බවයි.
එසේ වෙබ් අඩවි වලට ඇතුල්වීමේ අවශ්‍යතාවක් හෝ හේතුවක් හෝ නැති බව පැවසූ ඇමතිවරයා කියා සිටියේ, ජනතාවට නත්තල් පණිවිඩය ලබා දීමට ක්‍රමවේදයන් ඕනෑ තරම් තිබෙන බවයි.
පොදු විපක්ෂයේ කණ්ඩායම් අතර විරසක සහ අවිනිශ්චිතතා පවතින බව පෙන්වා දෙන අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල එම තත්වය තුළ සිට රජයට චෝදනා කිරීම අසාධාරණ බවයි ප්‍රකාශ කළේ.

Source:
http://www.bbc.co.uk/sinhala

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles