සෝම හිමිගේ මෑණියන්ට අසනීපයි

අපවත්වී වදාළ පූජ්‍යපාද ගංගොඩවිල සෝම හිමිපාණන් වහන්සේගේ මෑණියන් වන චාලට් වීරතුංග ආරච්චිගේ මහත්මිය රෝගාතුර තත්ත්වයෙන් පසුවන බව වාර්තා වේ.

මේ වනවිට අසූහත් වැනි වියෙහි පසුවන ඇය මීට දින කිහිපයකට පෙර දී නිවසෙහි ලිස්සා වැටීමෙන් පාදයකට බරපතල හානි සිදු වූ බව සෝම හිමියන්ගේ සහෝදරයකු වන ඒ.ඩී.පත්මසිරි මහතා පැවසීය. ගංගොඩවිල සෝම හිමියන් මෙරට බොදු පුණර්ජීවනය උදෙසා අතිමහත් කැප කිරීමක් කළ යතිවරයෙකු ලෙස ගෞරවාදරයට පත් අතර උන්වහන්සේගේ මෑණියන් කෙරෙහිද මෙරට ජනතාව සුවිශාල ගෞරවයක් හා ආදර‍යක් දැක්වූ බවද පත්මසිරි මහතා අප සමඟ කීය.

රෝගාතුරව සිටින ඇය මේ වනවිට කඩුවෙල, කොතලාවල, අංක 283 දරන ලිපිනය පිහිටි නිවසේ සිටින බවත් පත්මසිරි මහතා වැඩිදුරටත් පැවසීය.

Lakbima

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...