13.1 C
London
Friday, November 14, 2025
spot_img

“ආයේ ජවිපෙ එක්ක ආයේ හාදකමක් නෑ “

ජනතා විමුක්‌ති පෙරමුණ සමග නැවත එක්‌වීමේ කිසිදු අදහසක්‌ නොමැති බව එම පක්‍ෂයෙන් ඉවත් වූ එහි හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා ඊයේ (17 වැනිදා) සඳහන් කළේය.

මෙම තීරණය ගැනීම සඳහා තමන් ටික කාලයක්‌ බලා සිටි බවත් තමන් ගත් තීරණය නිවැරැදි බැවින් නැවත එය වෙනස්‌ කිරීමේ අවශ්‍යතාවක්‌ නොමැති බවත් හෙතෙම කියා සිටියේය.

තමන්ගේ තීරණය පිටුපස කිසි කුමන්ත්‍රණයක්‌ නොමැති බවත් පැවසූ සෝමවංශ අමරසිංහ මහතා ජනතා විමුක්‌ති පෙරමුණේ දේශපාලනික අපොහොසත් බව ඊට හේතුව බවත් පැවසීය.

මෙම අපොහොසත් බවේ වගකීම පක්‍ෂයේ සියලු නායකයන් භාරගත යුතු යෑයි කියා සිටි සෝමවංශ අමරසිංහ මහතා වර්තමාන ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක මහතා පක්‍ෂයට හමුවූ දක්‍ෂ නායකයකු බව ද කියා සිටියේය.

ප්‍රධාන පක්‍ෂ දෙකෙහි දේශපාලනය ඉතා ශීඝ්‍රයෙන් ජනතාවගෙන් ප්‍රතික්‍ෂේප වෙමින් පවතින බවත් එම ජනතාව වෙනුවෙන් නව පක්‍ෂයක අවශ්‍යතාව මතුව ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

තමන්ගේ මෙම තීරණය ජනතා විමුක්‌ති පෙරමුණට එරෙහි වීමක්‌ හෝ එම පක්‍ෂයට එරෙහි තවත් පක්‍ෂයක්‌ තැනීම නොවන බවත් කියා සිටි හෙතෙම මෙම උත්සාහය ජවිපෙ නිවැරැදි දිශාවට රැගෙන යැමට බවත් කීවේය.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles