14.9 C
London
Friday, April 25, 2025
spot_img

සෝමවංශ අළුත් පක්ෂයක් හදන්න යයි

තමා ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්වීමට තීරණය කළ බවත් අලුත් පක්ෂයක් පිහිටුවන බවත් ජවිපෙ හිටපු නායක හා අන්තර්ජාතික ලේකම් සෝමවංශ අමරසිංහ මහතා බත්තරමුල්ලේදී අද (16) ප්‍රකාශ කළේය.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතාද මෙම රැස්වීමට පැමිණි නමුත් වේදිකාවට නොපැමිණෙන ලෙස අමරසිංහ මහතා ඔහුගෙන් ඉල්ලා සිටියේය. ‘ඔබ කැමතිනම් රැස්වීමේ ආසනයක වාඩිවන්නැ‘යි අමරසිංහ මහතා ඔහුට කීවේය.

විජිත හේරත් මහතා රැස්වීම අවසන් වනතුරු සිටියේය. ඔහු පසුව කීවේ පක්ෂයෙන් ඉවත්වීමට අමරසිංහ සහෝදරයා ගත් තීරණය ඔහුගේ පෞද්ගලික තීරණයක් බවයි. අප ඔහුගෙන් ඉල්ලා සිටින්නේ පක්ෂයෙන් ඉවත් නොවන ලෙසයි. අමරසිංහ මහතා සිය කථාවේදී කියා සිටියේ මේ තීරණය තම පෞද්ගලික තීරණයක් බවයි.

‘අද රටේ පවත්නා දේශපාලන වටපිටාවෙන් ජවිපෙ ප්‍රයෝජන ගන්නා බවක් පේන්නේ නෑ. නව රජයේත් විපක්ෂයේත් දුර්වලකම්වලින් ඉදිරියට යෑමට ජවිපෙ සූදානමක් නැති බවයි පේන්නේ. ජවිපයට ලැබී ඇත්තේ ස්වර්ණමය අවස්ථාවක් ඒ අවස්ථාවට මුහුණදීම සඳහා යථානුරූපිව ජවිපෙ ප්‍රතිපත්තිත් වෙනස්විය යුතුයි. අද අපට පන්සලකට ගිහින් පන්සිල් ගන්න බැහැ. පිරිත් නූලක් බන්දවාගන්න බැහැ. අප රටේ වටපිටාව අනුව අප වෙනස්විය යුතුයි. එහෙම නොවුනොත් ඉස්සරහට යන්න බැහැ. ජවිපෙනුත් ඇතැමුනට අසාධාරණවී තිබෙනවා. ඒ කොටසුත් එකතු කරගෙන මම අලුත් පක්ෂයක් හදනවා‘

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා පක්ෂයේ සියලු තනතුරැවලිවන් ඉවත්වු බව මීට සුලු වේලාවකට ප්‍රථම නිවේදනය කළේය

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles