16 C
London
Thursday, November 13, 2025
spot_img

සෝමාවතිය පුදබිම ජලයෙන් යටවෙයි – කුඹුරු අක්කර 50,000ක් විනාශයි

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පොළොන්නරුව සෝමාවතිය පුදබිම ජලයෙන් යටවී ඇති බව වාර්තා වෙයි.

මේ වන විට සෝමාවතිය පුදබිමට ගමන් ගන්නා මාර්ගයට අඩි 3ක් පමණ ජලයෙන් යටවී ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කර සිටියේය.

එසේම සෝමාවතිය පුදබිම ජලයෙන් යටවීම හේතුවෙන් වන්දනාවේ ගොස් එහි සිරවී සිටි පුද්ගලයින් 250 දෙනෙකු පුලස්තිපුර පොලීසිය මගින් මුදවාගෙන ඇති බව වාර්තා වෙයි.

තවද පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මෙවර මහ කන්නයේ වගා කළ කුඹුරු අක්කර 50, 000ට අධික බිම් ප්‍රමාණයක් මෙ වන විට ජලයෙන් යටවී ඇති බව පොළොන්නරුව ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

පරාක්‍රම සමුද්‍රය , මින්නේරිය, ගිරිතලේ සහ කවුඩුල්ල යන ජලාශවල ජලය සම්පූර්ණයේ පිරි ඇති අතර ඒවායේ වාන් දොරටු විවෘත කොට අමතර ජලය පිට කිරීම ආරම්භ කර තිබේ.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles