සෝනි සමාගමේ නවතම 4K Ultra HD රූපවාහිනී වෙළෙඳ දැන්වීම සඳහා මල්පෙති මිලියන 8ක් වැය කර ඇති බව විදෙස් වාර්තාවල දැක්වේ.
මෙම දැන්වීම වෙනුවෙන් අදාල මල්පෙති මිලියන 8 කොස්ටා රිකාහි ගම්මානයක් වසා දැමීමට යොදාගෙන තිබිනි.
මේ සිහින සිත්තම සැබෑවක් කළ නිර්මාණයට දායකවී ඇත්තේ ජාත්‍යන්තර වෙළෙඳ දැන්වීම් සමාගමක් වන මැකෑන් (McCann), ඡායාරූප ශිල්පී නික් මීක් (Nick Meek) හා British special effects team නැමැති පිරිසය.
මෙම නිර්මාණාත්මක කණ්ඩායම හා එම ගම් වැසියන් අදාල මල් පෙති එකතුකර එම ගම්මානය ප්‍රභාවත් කිරීමට දෙසතියක කාලයක් වැයකර ඇති බවද පැවසේ.
එසේ එක්කාසු කරගත් මල් පියලිවල බර ටොන් 3.5 ක් වූ බවද වාර්තා වේ.
මෙසේ මල්පියලි මිලියන 8ක් එක් රැස්කර ඇත්තේ වෙළෙඳ දැන්වීම සැකසුනු රූපවාහිනී තිරයේ pixel ප්‍රමාණය ද මිලියන අටක් වන බැවිනි.