කඩින් කඩ ඇද හැලෙන වර්ෂාපතනයත් සමග මින්නේරිය සහ කවුඩුල්ල යන ජලාශවල වාන් දොරටු මේ වනවිට විවෘත කර ඇත. කවුඩුල්ල ජලාශයේ වාන් දොරටු 9 ද මින්නේරිය ජලාශයේ වාන් දොරටු 6 ද අඩි එක බැගින් මේ වන විට විවෘත කර ඇත. කවුඩුල්ල ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම නිසා ප්‍රදේශ රැසක පහත් බිම් ජලයෙන් යටවී ඇති බවට තොරතුරු අනාවරණය වන අතර එමඟින් එම ජනතාව බොහෝ සෙයින් පීඩාවට පත්ව ඇත.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන පරිදි අද දිනයේත් පළාත් කිහිපයකට වැසි ඇතිවිය හැකි අතර මීට අමතරව මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලට විටින් විට තද සුළං තත්ත්වයක් ද ඇතිවිය හැකි බවයි.
Check Also
චන්ද්‍රිකා – මෛත්‍රී වෙන්වෙයි?
මෛත්‍රීපාල සිරිසේන ජනපති හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපති අතර ඊයේ කොළඹ දී විශේෂ සාකච්ඡාවක් ...
සුසිල්ගේ ගේම මහින්ද හෙළිකරයි
මෛත්‍රීට ඇටෑක් කරන එක වහාම නවත්තන්න. මම මිනිහව හැන්ඩ්ල් කරන්නම්. මේ කරපු වැඩේ සම්පූර්ණ ගෞරවය ...