17.1 C
London
Thursday, November 13, 2025
spot_img

ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේ ප්‍රධාන නළු ගගන් මලික් බුදු දහම වැළඳ ගනී

ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේ ප්‍රධාන නළු ගගන් මලික් මහතා බුදු දහම වැළඳ ගත්තේය.

ඒ ඊයේ මිහින්තලා පුජා භුමියේ පැවති උත්සවයකදී ය.

ඊයේ පස්වරුවේ මිහින්තලා රජමහා විහාරස්ථානයට පැමිණි ගගන් මලික් මහතා ප්‍රථමයෙන් බුදුන් වැද ආශිර්වාද ලබා ගත්තේය.

පසුව ධාතු මන්දිරියට පැමිණි ගගන් මලික් මහතා පංචශීලයහි පිහිටවූයේ පූජ්‍ය කොටපල අමරකිත්ති නායක ස්වාමින් වහන්සේ විසිනි.

මහා සංඝරත්නය ගගන් මලික් මහතාට පිරිත් සජ්ජයනා කොට ආශිර්වාද කිරීමෙන් අනතුරුව පූජ්‍ය වලවාහැංගුණුවැවේ ධම්මරතන හිමියන් ධාතු කරඩුව ඔහුගේ හිස මත තබා ආශිර්වාද කළේය.

අනතුරුව ගගන් මලික් මහතා සිංහල භාෂාවෙන් මාධ්‍ය වෙත සිය අදහස් පළ කළේය.

රංගන ශිල්පි ගගන් මලික් මහතා

ආයුබෝවන් අද මා මේ කතා කරන්නේ මිහින්තලා වන්දනීය පින්බිමේ සිටයි. තථාගත බුදුපියාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය සිරිලක පුරා ඈත සිට පැතිර ගිය ඒ බුදු දහමේ පණිවිඩය මෛත්‍රිය ආදරය මිත්‍රත්වය සාමය විශේෂයෙන්ම රටේ අනාගතය බාර ගන්නා සිටින්නා දූදරුවන් තුල වර්ධනය කරවමු. ආසියා පදනම ශ්‍රි සිද්ධාර්ථ ගෞතම සිනමා කවය ලෝකයටම පරිත්‍යාග කරන ලදි.විශ්වය දිනුවා උතුම් සංකල්පය ඉදිරිපත් කරන්නේ මෙම උදාර ගුණ මුලු මහත් මිනිස් වර්ගයාටම ධෛර්්‍යමත් කිරිම තුලින්
ආධ්‍යාත්මික ශාන්තිය ඇති කිරිම උදෙසා මගේ ජිවිතයම මගේ කාලයම එම උතුම් බුදුමග යමින් මෙතින් සිතා කැප කරන බව මෙම පින් බිමේ සිට නිහමානීව ප්‍රකාශ කරන්නට කැමතියි .මෛත්‍රිය කරමු මිත්‍රත්වය මුල් කරගනිමු ශ්‍රි ලංකාව තුලින් මුලු ලොවටම මෙම දහම් රැගෙන යමු ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.
මිහින්තලේ රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පුජ්‍ය වලවාහැංගුණු වැවේ ධම්මරතන හිමි

බුදුරජාණන්වහන්සේගේ දේශනාව අනුව අපි විශ්වාස කරනවා.මේ වගේ ලෝක ප්‍රසිද්ධ කලාකරුවෙක් මේ උතුම් පංච ශීල ප්‍රතිපත්තිය ගැන හිතලා ඒ බුදුරජාණන්වහන්සේගා භාරත දේශයේ ශාස්ථාවහන්සේගේ ධර්මය වැලදගෙන අද දිනයේදි මේ උතුම් සිද්ධස්ථානයේ සුවිශේෂි අවස්ථාවක් ++බෞද්ධ ලෝකයට අද අපේ ගගන් මලික් කලාකරුවා ඉදිරිපත් වෙලා මහ ආලෝකයක් සම්බුද්ධ ශාසනයට ලබාදුන්නු බව එව්ගේම ඔහු අපේ දර්ශනය පිලිබදව මනා වැටහීමකින් ආවට ගියාට නෙවේ.ධර්මය වැලදගත්තා නෙවේ. ආශිර්වාද තුලින් ගගන් මලික් අපේ කලාකරුවාන්ගේ අනාගතය යහපත් වේවා.
මේ අතර ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටය ඊයේ මිහින්තලේ පුජා භුමියේදී ප්‍රදර්ශනය කෙරිණ.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles