ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයග්‍රහණයක්.

එංගලන්ත කණ්ඩායම සමග පැවති අවසන් එක්දින ක්‍රිකට් තරගය ලකුණු 87 කින් ජය ගනිමින් ශ්‍රී ලංකාව තරගාවලිය 5 ට 2 ක් ලෙස ජයග්‍රහණය කළේ ය.

කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවති මෙම තරගය
කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන මෙරටදී සහභාගී වන අවසන් එක්දින ජාත්‍යන්තර තරගය වීම විශේෂත්වයකි.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ මහේල ජයවර්ධන ලකුණු 28 ට දැවී ගියේ ය.

කුමාර් සංගක්කාර 33ක් රැස් කළ අතර ඇන්ජලෝ මැතිව්ස් රැස් කළ හැකි වූයේ, ලකුණු 20 ක් පමණි.

ලකුණු 101ක් රැස් කරමින් 18 වැනි එක්දින ශතකය වාර්තා කළ ටී.එම්. ඩිල්ෂාන් අද එක්දින ලකුණු 9000 සීමාව ද පසු කළේ ය.

තිසර පෙරේරා පන්දු 26 න් ලකුණු 56 ක් රැස් කිරීමට සමත් විය.

සිය 12 වැනි එක්දින අර්ධ ශතකය වාර්ථා කළ දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 55ක් රැස් කළේ ය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි එංගලන්තයේ පළමු කඩුල්ල ලෙස මොයින් අලි ලකුණු නොලබා දැවී ගියේ ය.

නායක ඇලෙස්ටෙයා කුක් ලකුණු 32ක් රැස් කිරීමට සමත් විය.

ජෝ රූට් එක්දින දිවියේ 7 වැනි අර්ධ ශතකය වාර්ථා කරමින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 80කි.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තයට පන්දුවාර 45 යි පන්දු 5 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වුයේ ලකුණු 215 ක් පමණි.

Check Also

සුසිල්ගේ ගේම මහින්ද හෙළිකරයි

මෛත්‍රීට ඇටෑක් කරන එක වහාම නවත්තන්න. මම මිනිහව හැන්ඩ්ල් කරන්නම්. මේ කරපු වැඩේ සම්පූර්ණ ගෞරවය ...

අවුල් අස්සේ – හිරුණිකාට මඟුල්

බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය අද (05) යුග දිවියට ඇතුළත් වීමට නියමිත බව ...