ශ්‍රී ලංකා හමුදාව ප්‍රතිසංවිධානයට දෙන මුදල් අත්හිටුවන්න බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරු 7 ක්‌ එරට රජයෙන් ඉල්ලති

0
238

ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා බ්‍රිතාන්‍ය රජය ලබාදෙන ස්‌ටර්ලිං පවුම් මිලියන 6.6 ක මුදල අත්හිටුවන ලෙස බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරුන් 7 දෙනකු එරට රජයෙන් ඉල්ලා ඇත.

මෙම ඉල්ලීම ඇතුළත් සංදේශයක්‌ බ්‍රිතාන්‍ය විදේශ කටයුතු ඇමැති හියුගෝ ස්‌පාරේ මහතා වෙත ඉදිරිපත් කර තිබේ.

බ්‍රිතාන්‍යයේ ඊළාම් ජාලය සමග සබඳකම් පවත්වන සියබ්හේන්a මැක්‌ඩෝනා ජෝන්a රයින්, ජෝන් මෑන්, ස්‌ටිපන් පවුන්, වෙස්‌ ස්‌ට්‍රිරිටින්, ස්‌ටිපන් ටිම්ස්‌ සහ ස්‌ටිව් රීඞ් යන මන්ත‍්‍රීවරුන් විසින් එම ඉල්ලීම කර තිබේ.

බ්‍රිතාන්‍ය රජය විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන්නේ බ්‍රිතාන්‍ය ජනතාවගේ බදු මුදල් බව දක්‌වන එම මන්ත්‍රී කණ්‌ඩායම ශ්‍රී ලංකා රජය උතුරෙන් හමුදාව ඉවත් කර නැති බවත් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සියලු නිර්දේශ ක්‍රියාත්මක කර නැති බවත් කියා සිටිති.