12.8 C
London
Tuesday, December 9, 2025
spot_img

ඊමේල් වලින් වංචා කළ මුදල කෝටි 14 යි.

-ඊමේල් ගනුදෙනුවලදී ඩොලර් ලක්ෂ ගණනක් සංවිධානාත්මක ලෙසින් භාණ්ඩ අපනයනයේ සහ ආනයනයේ සහ ආනයනයට සම්බන්ධ සමහ ව්‍යාපාරිකයින් වංචාකර ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පවසන ලදී.

ඒ පිළිබඳ සියලු තොරතුරු සහ පරීක්ෂණ වාර්තා මේ වන විට පොලිසියට බාරදී ඇති අතර දැනටමත් ව්‍යාපාරිකයින් පස් දෙනකු පමණ මෙම වංචාවට හසුවී ඇති බවද ඩොලර් ලක්ෂ දහයකට (රුපියල් 134400000) අධික මුදලක් ඔවුන් විසින් වංචා කරන ලද බව ද පවසන ලදී. දෙස් විදෙස්වල පිහිටි ආනයන හෝ අපනයන සමාගමට අයවිය යුතු මුදල් බැරවිය යුතු බැංකු ගිණුම වෙනස් කර ව්‍යාජ බැංකු ගිණුමකට ඊමේල් පණිවුඩයකින් මුදල් යොමුකරවා ගැනීම මේ ජාවාරම බව සොයාගෙන තිබේ. මුදල් ප්‍රමාද බවට සැබෑ ගනුදෙනුකරු විමසන විටදී ව්‍යාජ බැංකු ගිණුමකට මුදල් යැවූ බව හෙළිවී ඇතැයි චන්ද්‍රගුප්ත මහතා විසින් පවසන ලදී.

මෙම ‘ඊමේල්‘ පණිවුඩ පිරික්සීමේදී ඒවා ව්‍යාජ ලෙස සැකසූ පණිවුඩ බවට හෙළිදරව් වුණ බව චන්ද්‍රගුප්ත මහතා තොරතුරු අනාවරණය කරන ලදී.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles