Wednesday , 22 January 2025

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ වෙනස්කම් කිහිපයක්.

-ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය ලෝක කුසලානය සඳහා ද තේරී පත්වූ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව එහි වෙනස්කම් කිහිපයක් කිරීම සම්බන්ධයෙන් කළ උත්සහය ද අසාර්ථක තත්වයට පත් වී ඇත.ලෝක කුසලාන සඳහා නම් කරන ලද ආරම්භක පිතිකරු වන දිමුත් කරුණාරත්න අසාර්ථක වීම මෙන්ම මැද පෙළ පිතිකරු ජීවන් මෙන්ඩිස් තුන් ඉරියව්වෙන් ම අසාර්ථක වීම සැලකිල්ලට ගෙන ඔවුන් දෙදෙනා වෙනුවට සීකුගේ ප්‍රසන්න සහ උපුල් තරංග ලෝක කුසලාන සංචිතයට කැඳවීමට ක්‍රිකට් තේරීම් කමිටුව උත්සහයක නිරත වුව ද නවසීලන්ත සංචාරයේදී ද දැඩි අසාර්ථකත්වයක් ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වීම ද ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පසුගියදා ලෝක කුසලාන සංචිතයේ වෙනස්කම් ගැන සාකච්ඡා කර තිබුණි.
ජාත්‍යන්තර ක්‍රිකට් නීතිය අනුව සංචිතය වෙනස් කිරීමට නිසිදු උපක්‍රමයක් නොමැති බවත් එම උත්සහය අත්හැර දැමීමට සනත් ජයසූරියගේ ක්‍රිකට් තේරීම් කමිටුව සිදුව ඇති බව ද ආරංචි මාර්ග සඳහන් කරයි. එය කෙසේ වුව ද ලෝක කුසලාන සඳහා කණ්ඩායම නම් කිරීමෙන් පසු නැවත ක්‍රීඩකයෙකු ක්‍රිකට් කණ්ඩායමට ඇතුළත් කර ගත හැක්කේ ද ආබාධ හේතුවකින් වන අතර එම ආබාධය පිළිබඳ පිළිගත හැකි සත්‍ය වෛද්‍ය වාර්තාවක් අයි.සී.සී ය වෙත ලබා දිය යුතු වේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරිම් කමිටු සාමාජිකයන් පවසනුයේ ඔවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සහභාගි වී ක්‍රීඩා කරන බවත් එක් දඟ යවන්නෙකු මෙන්ම පන්දු යවන්නන් තිදෙනෙකු සහ පිතිකරුවන් හත්දෙනෙකු එයට ඇතුළත් බවයි.

Check Also

සුසිල්ගේ ගේම මහින්ද හෙළිකරයි

මෛත්‍රීට ඇටෑක් කරන එක වහාම නවත්තන්න. මම මිනිහව හැන්ඩ්ල් කරන්නම්. මේ කරපු වැඩේ සම්පූර්ණ ගෞරවය ...

අවුල් අස්සේ – හිරුණිකාට මඟුල්

බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය අද (05) යුග දිවියට ඇතුළත් වීමට නියමිත බව ...