ෆාබ්‍රේස් ලංකාව හැර යන සැබෑ හේතුව ?

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් පුහුණුකරු පෝල් ෆාබ්‍රේස් ශ්‍රී ලංකාව හැරයාමේ අවදානමකට ලක්ව තිබීම නිසා අද දිනයේ ක්‍රිකට් විධායක කමිටුව විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබේ. මෙම සාකච්චාව ඉතා තීරණාත්මක එකක් වනුයේ ක‍්‍රිකට් කණ්ඩායමේ ක‍්‍රීඩකයන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සමග ගිවිසුමට එළඹීමට කැමැත්ත පළ කරන්නේද යන්න පිළිබඳව හා ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු පෝල් ෆාබ්‍රේස් තවදුරටත් පුහුණුකරු ලෙස කටයුතු කරන්නේද නැද්ද යන්න පිළිබඳවද තීරණය මෙම සාකච්චාවෙන් අනතුරුව තීරණය කිරීමට නියමිත හෙයිනි.

ශ්‍රී ලංකා පුහුණුකරු පොල් ෆාබ්‍රේස් අද (21) දිවයිනට පැමිණීමට නියමිත අතර ඔහුගේ පරිවාස කාලය ලබන ජුනි මාසයෙන් අවසන් වේ. ඔහු ශ්‍රී ලංකා ධුරයෙන් ඉවත් වන්නේ නම් ඉවත්වීමට මසකට පෙර දැන්විය යුතුය.

එසේ මසකට පෙර දැන්වීමට අපොහොසත් වන්නේ නම් ඔහුගේ මාසික වැටුප සය ගුණයක් ක්‍රිකට් ආයතනයට ගෙවා ඉවත්විය හැක. කෙසේ නමුත් වාර්තාවන ආකාරයට පෝල් ෆාබ්‍රේස් දැනට ලංකාවේ වැඩ කිරීමට වඩා තමන්ගේ එංගලන්තය වෙනුවෙන් වැඩ කිරීමට කැමැති බව දන්වා ඇතැයි ද අනාවරණය වී ඇත.

1987 සිට 1989 දක්වා එංගලන්තයේ කෙන්ට් ප්‍රාන්ත පිල වෙනුවෙන් කඩුලු රකින්නකු ලෙස ද ක්‍රීඩා කරනු ලැබූ ‍පෝල් ඊට පසු ක්‍රීඩා වාර හයක් මිඩ්ල්සෙක්ස් ප්‍රාන්තය වෙනුවෙන් ද ක්‍රීඩා කොට ඇත්තෙකි.

මීට අමතරව ෆාබ්‍රේස් ලංකාව හැරයාම කෙරෙහි විස්සයි විස්ස ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ක්‍රීඩකයන්ට ලැබුණු විශාල මුදල් සම්භාරයට සාපේක්ෂව ඔහුට දීමනාවක් නොලැබුණු හෙයින් ඇතිවූ කලකිරීම බවද වාර්තා වේ.

මේවනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් විචාරකයන් බොහෝ දෙනෙකුගේ මතය වී ඇත්තේ ශ්‍රී ලංකාව සඳහා තවදුරටත් විදේශීය පුහුණුකරුවන් අනවශ්‍යය බවත් දේශීය පුහුණු කරුවන් පමණක් ප්‍රමාණවත් බවය.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ මීළඟ පුහුණුකරු හැටියට මෙතක් කල් සහය පුහුණුකරුවකු වශයෙන් සිටි මාවන් අතපත්තු පත්කිරීමටද සූදානමක් ඇතැයි වාර්තා වේ.

කෙසේ වුවත් මැයි හයවනදා එංගලන්ත සංචාරය ආරම්භ වීමට තිබෙද්දී එංගලන්තය සමග දැනටම රහසේ ගිවිසුම් ගැසූ පුහුණුකරුවෙකු තබා ගැනීම ගැටළුවක් වනු ඇත.

 

Check Also

බොලිවුඩ් ගී ලොවට පායන ලංකාවේ උපන් තාරකාවිය(VIDEO)

ප්‍රියංකා චොප්රා, ශ්‍රද්ධා කපූර් සහ ආලියා භාට් බොලිවුඩ් සිනමාවෙන් ගී ලොවට පෑයූ තරු ලෙසයි සැලකෙන්නේ. ...

බ්‍රිතාන්‍ය ඖෂධයකට ඔස්ට්‍රේලියාවෙන් තහනමක්

නිව්රොෆෙන් නමැති වේදනානාශක ඖෂධ පෙළක් වෙළෙඳපොළෙන් ඉවත් කරන්නැයි ඔස්ට්‍රේලියානු අධිකරණයක් නියෝග කර තිබෙනවා. ඊට හේතුව ...