ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පකිස්තානයේ සංචාරයක නිරතවන්නේ නම් ඒ සඳහා අවශ්‍ය ඉහළම ආරක්ෂාව ලබාදීමට සූදානම් බව පාකිස්තාන අන්තර්පළාත් සම්බන්ධීකරණ අමාත්‍ය රියාන් හුසේන් මහතා පවසයි.
2009 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව පකිස්තානයේ තරග සංචාරයක් සඳහා ටෙස්ට් ක්‍රීඩා කරන කිසිම රටක් එක්නොවීය.
ශ්‍රී ලංකා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාකිස්තාන සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයේ තරග සංචාරයක් පිළිබඳව සාකච්ඡා කර තිබිණි.
ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතා ඉහළ පිළිගැනිමක් ලබාදෙන බවද පකිස්තාන අමාත්‍යවරයා සඳහන් කළේය.