14.8 C
London
Friday, May 23, 2025
spot_img

රේගුවට කෝටි 35 ක තීරු බදු වංචාවක්

-ශ්‍රී ලංකා රේගුවට වංචා කර ඇති තීරු බදු මුදල රුපියල් කෝටි 35 ක් වන අතර රුපියල් කෝටි 82 කට වැඩි වටිනාකමින් යුතු රෙදිපිළි සහ උපාංග තොගයක් තීරු බදු වංචා කරමින් මෙරටට ආනයනය කිරීමේ සිද්ධියක් පිළිබඳව ශ්‍රී ලංකා රේගු තොරතුරු සන්නිවේදන තාක්ෂණ අංශය විමර්ශනයක් ආරම්භ කළ බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පවසන ලදී.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට යටතේ ඇති ඉපලෝගම හා කැකිරාව ප්‍රදේශයේ පිහිටි ඇගලුම් කර්මාන්ත ශාලා දෙකක් විසින් ඇඳුම් නිෂ්පාදන කර නැවත අපනයනය කිරීම සඳහා බදු සහන ලබා ගෙන රෙදිපිලි හා උපාංග ඇතුලත් කන්ටේනර් 357 කට අධික සංඛ්‍යාවක් තීරු බදු වංචා කරමින් මෙරටට ආනයනය කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර මින් කන්ටේනර 319 ක රෙදිපිළිද, තවත් කන්ටේනර 38 ක උපාංගද මෙරටට ගෙන්වා කෙලින්ම වෙළඳ පොළට යවා ඇති බව ශ්‍රී ලංකා රේගුව කරන ලද පරීක්ෂණ වලින් අනාවරණය වී තිබේ.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles