Wednesday , 12 February 2025

“ජනපති මෛත්‍රී ශ්‍රීලනිපයේ සභාපති කළා”(Video)

මහින්දට ශ්‍රී.ල.නි.ප සභාපතිකමත් අහිමි වෙයි; ජනපති මෛත්‍රී සභාපති වෙයි
2015 ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ශ්‍රී.ල.නි.ප ව්‍යවස්ථාවට අනුවත් මාධ්‍යම කාරක සභාවේ බහුතර ඡන්දයට අනුවත් අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිධුරයද අහිමි විය. ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා දැරූ ශ්‍රී.ල.නි.ප. සභාපතිධුරය සඳහා බහුතර ඡන්දයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත්කරගනු ලැබිණ. පක්ෂයේ උපදේශිකාව ලෙස හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පත් කර ගනු ලැබීය.
පක්ෂයේ ලේකම් ලෙස දුමින්ද සිල්වා මහතාත්, සංවිධායක ලෙස ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාත් තෝරා පත් ගර ගත් බව එම මාධ්‍ය හමුවේ දී පවසන ලදී.

සරත් අමුණගම,දයාසිරි ජයසේකර,මර්වින් සිල්වා,අතාවුද සෙනවිරත්න,විජිත් විජයමුණි සොයිසා ,ජගත් පුෂ්ප කුමාර,ෆයිසර් මුස්තපා,රෙජිනෝල්ඩ් කුරේ,දුමින්ද දිසානායක ,ජනක බණ්ඩාර තෙන්නකොන් , ඒස් බී නාවින්න ඇතුළු 28 දෙනෙක් කොළඹ විජේරාම මාවතේ රැස් වී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂ සභාපති කැර ගැනීමේ යෝජනාවක් සම්මත කර ගන්නා ලදී. පක්ෂයේ උපදේශිකාව ලෙස හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පත් කර ගනු ලැබීය.
මේ අතර මහින්ද රාජපක්ෂ මහතාගේ කාරක සභාවේ තවත් කොටසක් ඩාලි පාරේ පක්ෂ මුලස්ථානයේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා තමන්ට යළි සභාපති බලය අවශ්‍ය බවට වන බලපෑම් කිරීමක් සිදුකරන ලදී.
එහිදී අදහස් දැක්වූ විජිත් විජිතමුණි සොයිසා මහතා පැවසූවේ “ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සභාපතියි මහ ලේකම් තුමයි ජනාධිපතිවෙන්න තරඟ කළා. සභාපති තුමා පැරදුනා. මහ ලේකම් තුමා දිනුවා. ගෙදරක තාත්තා මැරුණම අඬනවා. ඉතින් අපිත් ඇඬුවා. ඒ කියලා තාත්තගේ මළ කුණ ගේ ඇතුළේ තියාගන්නැහැනේ.” යනුවෙනි.

Check Also

සගයින්ට නාම යොජනා නැති නිසා මහේන්ද්‍ර මල් පොහොට්ටුවට?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහකාගේ දුෂණ චෝදන ප්‍රබල ආධාරකරුවන් 8 දෙනෙකුට එජනිසය යටතේ නාම යෝජනා ...

සන්ධානය දෙදරයි – ශ්‍රිලනිපය ඉවත් වෙයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන හවුල් කාර පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එම සන්ධානයෙන් ...