නවසීලන්තය සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 8ක දැවැන්ත පරාජයක් හිමි විය.
එහි විශේෂත්වයක් වූයේ, තවත් දිනක් ඉතිරිව තිබියදී නවසීලන්තය මෙම තරගයෙන් ජය හිමි කර ගැනීම ය.
තරගයේ කාසියේ වාසිය හිමි කර ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළ අතර නවසීලන්තය සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 441ක් රැස් කිරීමට සමත් විය.
එහිදී නවසීලන්ත නායක බ්‍රෙන්ඩන් මැකලම් පන්දු 134කදී ලකුණු 195ක් රැස් කළේ ය.
නවසීලන්ත පළමු ඉනිම – 441/10
බ්‍රෙන්ඩන් මැකලම් – 195
ජේම්ස් නීෂාම් – 85
කේන් විලියම්සන් – 54
පන්දු යැවීම – ඇන්ජලෝ මැතිව්ස් (3/39), සුරංග ලක්මාල් (3/90)
කෙසේ වෙතත්, ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් සියලු කඩුලු දැවී රැස් කළේ, ලකුණු 138ක් පමණි.
වැඩි ම ලකුණු රැස් කළ නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 50කට දැවී ගියේ ය.
ශ්‍රී ලංකා පළමු ඉනිම – 138/10
ඇන්ජලෝ මැතිව්ස් – 50
ලහිරු තිරිමාන්න – 24
පන්දු යැවීම – ට්‍රෙන්ට් බෝල්ට් (3/25), නීල් වැග්නර් (3/60)
අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමට සිය දෙවන ඉනිම වෙනුවෙන් ද පන්දුවට පහර දීමට සිදු විය.
එහිදී ආරම්භක පිතිකරු දක්ෂ ලෙස ක්‍රීඩා කරමින් ලකුණු 152ක් රැස් කළේ ය.
ශ්‍රී ලංකා දෙවන ඉනිම – 407/10
දිමුත් කරුණාරත්න – 152
ඇන්ජලෝ මැතිව්ස් – 66
ෂමින්ද එරංග – 45 නොදැවී
පන්දු යැවීම – ට්‍රෙන්ට් බෝල්ට් (4/100), ටිම් සෞදී (4/91)
ඒ අනුව, නවසීලන්ත කණ්ඩායමට ජයග්‍රහණය සඳහා හිමි වූ ඉලක්කය ලකුණු 105ක් විය.
ඔවුන් පන්දු වාර 30.4කදී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 107ක් රැස් කරමින් කඩුලු 8ක ජයක් හිමි කර ගැනීමට සමත් විය.
නවසීලන්ත දෙවන ඉනිම – 107/2
රොස් ටේලර් – 39 නොදැවී
කේන් විලියම්සන් – 31 නොදැවී
තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස නවසීලන්ත නායක බ්‍රෙන්ඩන් මැකලම් සම්මානයට පාත්‍ර විය.