ගණිකා වෘත්තියේ නියැළුණේ යැයි මහනුවර මූලස්ථාන පොලිසියේ දුෂණ මර්දන අංශය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ කාන්තාවක නිදොස් කොට නිදහස් කළ මහනුවර ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් වසන්ත කුමාර මහතා, එම කාන්තාව අගතියට පත්වීම හේතුවෙන් ඇයට
වන්දි මුදලක් ගෙවන ලෙසද මහනුවර මූලස්ථාන පොලිසියේ දුෂණ මර්දන අංශයේ හිටපු ස්ථානාධිපතිවරයාට නියෝගකෙළේය.මහනුවර මහෙස්ත‍්‍රාත් අධිකරණයේදී (18දා* මේ තීන්දුව ලබාදුන් මහෙස්ත‍්‍රාත්වරයා රජයේ ගාස්තු ගෙවන ලෙසද දුෂණ මර්දන අංශයේ හිටපු ස්ථානාධිපතිවරයාට වැඩිදුරටත් නියෝග කෙළේය.
දඹුල්ල ප‍්‍රදේශයේ පදිංචි මේ කාන්තාව කුණ්ඩසාලේ නව නගරයේ පිහිටි නිවාඩු නිකේතනයකදී 2010.09.17 දින අත්අඩංගුවට ගෙන ගණිකා වෘත්තියේ නියැළීමේ චෝදනා මත මහනුවර අධිකරණය වෙත ඉදිරිපත් පත් කොට තිබූ අතර ගණිකා නිවාස ආඥා පනතේ 2, ආ වගන්තිය යටතේ නඩු පැවැරිය හැක්කේ ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය පුද්ගලයකුට පමණක් බැවින් 2011.02.02 දින මේ කාන්තාව එම චෝදනාවෙන් නිදහස් කිරීමට මහනුවර අධිකරණය පියවර ගෙන තිබිණි.ඉන්පසුව මේ කාන්තාව රැුකියාවක් සඳහා විදෙස් ගතවූ බව පැවැසෙන අතර දුෂණ මර්දන අංශය මගින් පාදඩ ආඥා පනත යටතේ අයාලේ යෑම යන චෝදනාව නගමින් විෂය ගත කරුණු සම්බන්ධයෙන් නැවතත් නඩු පවරා ඇත.
චූදිත කාන්තාව නැවත ලංකාවට පැමිණ අධිකරණය හමුවේ පෙනී සිට ඇති අතර 11 වරක් පමණ මේ නඩුව විභාගයට ගැනීමෙන් අනතුරුව ඉකුත් 11 වැනි දින නැවතත් ඇය නිදහස් කිරීමට පියවර ගෙන ඇති මහනුවර ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් වසන්ත කුමාර මහතා අගතියට පත් මේ කාන්තාව වෙනුවෙන් පොලිසියට වන්දි මුදලක් ගෙවීමට සිදුවන බවත් එම වන්දි මුදල නොගෙවන්නේ නම් ඒ පිළිබඳ මේ මස 18 වැනි දින විරෝධතා ගොනු කරන ලෙසත් පොලිසියට නියෝග කෙළේය.ඒ අනුව ඉකුත් 18 වැනි දින නඩුව නැවතත් කැඳවූ අවස්ථාවේ දුෂණ මර්දන අංශය විසින් වන්දි ගෙවීමට එරෙහිව විරෝධතා ගොනු කළද එම විරෝධතා ඉවත දැමූ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරයා අගතියට පත් කාන්තාවට රුපියල් හත්දහස් පන්සීයක වන්දි මුදලක්ද රජයේ ගාස්තු වශයෙන් රුපියල් දහසක මුදලක්ද තම පෞද්ගලික මුදලින් ගෙවන ලෙස දුෂණ මර්දන අංශයේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂකවරයාට නියෝග කෙළේය.
මේ නඩුවේ චූදිත කාන්තාව වෙනුවෙන් නීතිඥ මාරහෙල මහතා පෙනී සිටියේය.