නීතීඥරු පිරිසක් හදිසියේ ඇමරිකා යයි.

-හිටපු අගවිනිසුරු මොහාන් පීරිස්‌ මහතා සිය ධුරයෙන් ඉවත් කිරීමට මූලික වී කටයුතු කළ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ක්‍රියාකාරීන් පිරිසක්‌ හදිසියේම දෙසතියක ඇමරිකානු සංචාරයක්‌ සඳහා පිටත්ව ගොස්‌ ඇතැයි මෙරට නීතිඥ ප්‍රජාව සඳහන් කරති. ක්‍රියාකාරීන් දොළොස්‌ දෙනකු මෙම සංචාරය සඳහා සහභාගී වී ඇති අතර නීතිඥ සංගමයේ සභාපතිවරයා එයට සහභාගි වී නැත. මොවුන් ඇමරිකාව බලා පිටත්ව ගොස්‌ ඇත්තේ “යූ.එස්‌. ඒඩ්” නමැති රාජ්‍ය නොවන සංවිධානය කරනු ලැබූ ආරාධනාවකට අනුවය.තුන් දහසකට වැඩි නීතිඥ ප්‍රජාවක්‌ ශ්‍රී ලංකා නීතිඥ සංගමය නියෝජනය කරද්දී මොහාන් පීරිස්‌ මහතා ඉවත් කිරීමට ක්‍රියාකාරී ලෙස කටයුතු කළ මෙම කණ්‌ඩායම අදාළ සංචාරයට තෝරා ගනු ලැබුවේ කුමන පදනමකින් දැයි නීතිඥවරු තවමත් ප්‍රශ්න කරයි.

Check Also

චන්ද්‍රිකා – මෛත්‍රී වෙන්වෙයි?

මෛත්‍රීපාල සිරිසේන ජනපති හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපති අතර ඊයේ කොළඹ දී විශේෂ සාකච්ඡාවක් ...

සුසිල්ගේ ගේම මහින්ද හෙළිකරයි

මෛත්‍රීට ඇටෑක් කරන එක වහාම නවත්තන්න. මම මිනිහව හැන්ඩ්ල් කරන්නම්. මේ කරපු වැඩේ සම්පූර්ණ ගෞරවය ...