පසුගිය වසර 07ක කාලය තුළ ශ්‍රි ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 5000 ක් පාඩුවක් සිදු වී ඇත. එය එසේ සිදුවුවත් නව රජය විසින් GSP+ පහසුකම් යළි ලබා ගැනීමට කටයුතු කරන අතර ම මෙම පහසුකම නොලැබීම හේතුවෙන් GSP+ අලුත් කිරීමත් සමඟ ඉකුත් වසරවල්වල වසා දමන ලද කර්මාන්ත ශාලා යළි විවෘත කිරීමට මෙන්ම අලුත් කර්මාන්ත ශාලා ආරම්භ කිරීමට වත්මන් රජය විසින් සැලසුම් කර ඇති බවට තොරතුරු අනාවරණය විමයි. මේ හරහා පෞද්ගලික අංශය තුළ විශාල නැඟීමක් ඇති වනු ඇතැයි ද විශ්වාස කෙරේ. මෙම සහනය හරහා කාර්මික ආයතනවලට විශාල දායකත්වයක් සිදු වූ අතර පසුගිය රජය මේ සම්බන්ධයෙන් ධනාත්මක සැලකිල්ලක් යොමු නොකිරීම හේතුවෙන් එම සහනය අහිමි වී ගිය අතර ඒ සඳහා වත්මන් අග්‍රාමාත්‍යවරයා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා දැඩි උනන්දුවක් දක්වයි එය ද ශ්‍රි ලංකාවට වන යහපතක් වනු ඇත.

