සර් මේ අයගෙන් කැමැති කෙනෙක් තෝරගන්න. රුපියල් 1500 යි…

මේ කතාමාලාව අප පටිගත කළේ පසුගියදා අනුරාධපුර පොළොන්නරු සීමා මායිමේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයක් ඇතුළතදී සේවා ලබා ගැනීමට පැමිණි අයකුට සේවා ලබාදෙන කාන්තාවක් කළ ප‍්‍රකාශයකිනි.

අප හිතවත් අයකු දිනක් අප සමග විශේෂ හෙළිකිරීමක් කළේය. තමන්ට නොසිතූ දෙයක් සිදුවූ බවත් දැන් තමන්ට මත්කුඩු පානය කළ අයකු මෙන් මනස විකෘතිවී ජීවිතයේ පරාජය හිමිවී ඇති බවත් ඔහු කීවේය.

”මහත්තයෝ මම දින කීපයක් ගියා සම්බාහන මධ්‍යස්ථානයකට. ප‍්‍රතිකාරයක් ගත්තා. එතන ඉන්න කාන්තාවන් ඉතා ලස්සනයි. ඒ වගේම මගේ ජීවිතයත් සල්ලිත් ඉවර කළා. ඒක සූදුවක්. අනේ මහත්තයෝ මේ තැන්වල සිද්ධවෙන්නේ අමුතුම දෙයක්.

මම බොරු කියනවානම් ගිහිල්ලා බලන්න. මේ රටේ තවත් ගොඩක් පිරිමි මේ ජාවාරමෙන් විනාශ වෙනවා. මට මේක කියන්න කෙනෙක්

නැති නිසයි කියන්නේ” ඔහු අප සමග එසේ දීර්ඝ විස්තරයක් කළේය.

පසුව අප මාධ්‍ය කණ්ඩායමක් එක්ව ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානවල සිදුවන මෙම ක‍්‍රියාකාරකම් පිළිබඳව ගවේෂණයක නිරත වීමු. එහිදී ඉතා ක‍්‍රමවත්ව සිදු කරගෙන යන ස්ථානද අපට හමුවිය.

බහුතරයක් ස්ථාන වල සිදුවූ දේ අපට දැක ගැනීමටත් පටිගත කැර ගැනීමටත් හැකිවූ අතර මෙම සම්බාහන ආයතන පවත්වාගෙන යෑමට සහයෝගය හා උදව් උපකාර කරන රාජ්‍ය නිලධාරීන් පිළිබඳවත් තොරතුරු රැසක් හෙළිකර ගැනීමට මෙම ගවේෂණයේදී හැකිවිණි.

විශේෂයෙන් සංචාරකයන් ගැවසෙන ප‍්‍රදේශවල මෙන්ම ජනාකීර්ණ නගර හා ගම් ආශ‍්‍රිතවද මෙම සම්බාහන මධ්‍යස්ථාන පවතී. දඹුල්ල, හබරණ, සීගිරිය, පොළොන්නරුව, අනුරාධපුරය කුරුණෑගල ආදී ප‍්‍රදේශවල ඇති සම්බාහන මධ්‍යස්ථාන බොහෝමයක සිදුවන ක‍්‍රියාකාරකම් වන්නේ ලිංගික උද්දීපන ක‍්‍රියාකාරකම් මෙන්ම ගණිකා ව්‍යාපාරය බවට අනාවරණය කර ගැනීමට අපට හැකිවිණි.

හබරණ නගරය විදේශීය සංචාරකයන් බහුලව ගැවසෙන ප‍්‍රදේශයකි. හබරණ නගරයේ පිහිටි ස්ථාන කීපයකින් ඉතා නීති ගරුකව මේවා පවත්වාගෙන යනු ලබයි. එහෙත් ස්ථාන කීපයකට අප ඇතුළුවූයේ වෙස් වලාගෙන ව්‍යාපාරිකයන් ලෙසයි. කාන්තාවක් විසින් පවත්වාගෙන යනු ලබන සම්බාහන මධ්‍යස්ථානයකට අපි ගියෙමු. මුදලට ගිජුවී සිටින මෙම කාන්තාව කාමරයක් තුළ සිය තරුණියන් අපට පෙන්වූවාය.

”සර් මේ අයගෙන් කැමැති කෙනෙක් තෝරගන්න. රුපියල් 1500 යි. එක්කෙනෙකුට ගාණ” ඇය කීවාය. පසුව ඇය අප කවුරුන්ද යන්න තොරතුරු විමසීමේදී ව්‍යාපාරිකයන් බව දැනගත් පසු වඩාත් සමීප වූවාය. ඇය මත්පැන් වලට ගිජු කාන්තාවකි. අප සමග එහි ගිය අයට ඇය සමග බීර ටින් තොලගාන්නටද සිදුවූයේ මෙහි බිහිසුණු බව අනාවරණයකර කර ගැනීමටය.

ඇයගේ අවසරය ලබාගෙන අප සම්බාහනය කරන යුවතියන් සමග කතා කළෙමු. ඔවුන් කීවේ රුපියල් 1500 ආයතනයට ලබාදිය යුතු බවයි. ඉන් රුපියල් 200 ක මුදලක් තමන්ට ලැබෙන බවයි.

”සර් ප‍්‍රශ්නයක් නෑ. අපට කීයක් හරි හම්බ කරගන්න මැඩම් ඉඩ දීලා තියෙනවා. සර්ලාට අවශ්‍යදේ කියන්න ප‍්‍රශ්නයක් නෑ. අපට සලකන හැටියට අපිත් සළකනවා” ඔවුහු කීවෝය.

මෙම ස්ථානයේ අවුරුදු 20 සිට 26 දක්වා වයස්වල තරුණියන් සේවය කරන අතර එක් තරුණියක් අවුරුදු 16 සිට තවමත් මෙහි සේවය කරන බවට තොරතුරු ඇගෙන් පිටවිය. එම තරුණිය ගැන දැඩි වර්ණනාවක් කරන්නට හිමිකාරිය අමතක නොකළාය.

”පොලිසියෙන් එහෙම ආවොත් මොකද කරන්නේ අපිට හරි බයයි. මොකද අපි මේ වගේ තැනකට ආව පළමුවැනි දවස තමයි මේ” අප හිතවතකු ඇයට කීවේය.

”පිස්සුද කුරුල්ලන්ට ඉගිල්ලෙන්න තටු තියෙන්න එපායැ. තටු කපලා තියෙන්නේ බය වෙන්න එපා. ඇය වෙරි මර ගාතේ කියන්නීය. ඒ වන විටත් විවිධ තාරාතිරම්වල පිරිස් සේවා ලබා ගැනීම සඳහා පැමිණ සිටි අතර ඒ සියල්ලටම අවශ්‍ය පහසුකම් මෙම පිරිස සපයති. කෙසේ හෝ මෙම ස්ථානයේ සිදුවන්නේ කුමක්ද යන්න ඔබට වැටහෙනු ඇතැයි අපි සිතමු.

ඉන් නික්මුණු අප හබරණ දඹුල්ල ප‍්‍රධාන මාර්ගයේ තවත් ස්ථානයකට ගියෙමු. එම ස්ථානයේ තරුණියන්ට විවිධ නම් තබා ඇත. පිරිමි අයකු සහ මැදිවියේ කාන්තාවක් විසින් මෙම ස්ථානය පවත්වාගෙන යනු ලබයි. මෙම ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානය පවත්වාගෙන යනු ලබන්නේ කුලියට ගත් නිවාසයකය.

” ඕලූ” ”පින්කි” ආදී නම් වලින් තරුණියන්ට කතා කර ඔවුන් අපට පෙන්වීය. මෙම ස්ථානයේද පෙර පරිදිමය. මුදලට අවශ්‍ය  ඕනෑම දෙයක් ලබාගත හැකිය.

සම්බාහන මධ්‍යස්ථාන පවත්වාගෙන යෑම සඳහා නීති පද්ධතියක් මෙන්ම ගිවිසුමක් ආයුර්වේද දෙපාර්තමේන්තුව පනවා ඇත. එහිදී ලියාපදිංචි වෛද්‍යවරයකු එම ආයතනයේ නිතරම රැඳී සිටිය යුතුය. ඔහු ඉදිරිපිට මෙය කළ යුතුය. එමෙන්ම සවස 7.30 න් පසු ප‍්‍රතිකාර කිරීම තහනම්ය.

පිරිමි අයට පිරිමි අයත් කාන්තාවන් කාන්තාවන්ටත් ප‍්‍රතිකාර කළ යුතුව ඇත. එහෙත් මේවායේ වෛද්‍යවරු නැත. නමට ඇත. වේලාවක් නැත. කාන්තාවන්ට පිරිමින්ය. පිරිමින්ට කාන්තාවන්ය. කළුවර කාමරය.

මෙම ස්ථානයට අප රාත‍්‍රී නවය පසුවී පැමිණ නිරීක්ෂණය කළෙමු. ඒ වන විටත් විවිධ වාහන වලින් පිරිස පැමිණෙති. මෙම ස්ථාන ප‍්‍රධාන මාර්ගයට යාබදව තිබුණද ගස් කොළන් වලින් වැසී ඇත.

අප පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට කතා කොට මේ බව දැනුම් දුන්නෙමු. වහා ක‍්‍රියාත්මක වූ ඒ මහතා හබරණ පොලිසියේත් මින්නේරිය පොලිසියේත් කණ්ඩායම් දෙකක් එම ස්ථානයට එව්වේය.

පොලිසිය ඇතුළු වෙද්දී පිරිමි තුන් දෙනෙකු පැන දුවන්නට යද්දී අල්ලා ගත්හ. මෙහි සිටි කාන්තාවෝ පිටු පස දොරෙන් පැන දුවන්නට වූහ. වෛද්‍යවරයකුද නොවීය. බලපත‍්‍ර උල්ලංඝනය වී තිබිණි.

තමන්ට රාජකාරි කිරීමට අවශ්‍ය වට පිටාවක් නොවන බව පවසා පොලිස් කණ්ඩායම් පිටව යන්නට වූයේ එහි අයිතිකරුට පසුදා උදේ පොලිසියට එන ලෙස දැනුම් දීමෙනි. අල්ලා ගත් තිදෙනා රජයේ සේවකයන් බව හඳුනා ගත්තද ඔවුන්ට පිටව යන ලෙස අවවාද කළේය.

සෙසු ස්ථානවලද තත්ත්වය එසේම විය. කිසිදු බියක් සැකයකින් තොරව මේ කටයුත්ත සිදු වෙයි.

සීගිරියට ආසන්න ප‍්‍රදේශයක පිහිටි කාන්තාවක විසින් සිදු කැරගෙන යන මෙවැනි ස්ථානයකට අප ගොඩවී වෛද්‍යවරයා සිටිනවාදැයි විමසුවෙමු. කාන්තාව කීවේ වෛද්‍යවරයා ගමනක් ගොස් ඇති බවයි.

අප මෙම ස්ථානයට යන්නට පෙර පොලිසියට දුරකථනයෙන් කතා කොට දැනුම් දී සිටියේ මෙම ස්ථානයේ කාන්තාවන් සිවු දෙනෙකු රඳවාගෙන ජාවාරමක් ක‍්‍රියාත්මක වන බවට අපට තොරතුරු ලැබුණු බවයි. එම ස්ථානයෙන් එළියට පැමිණ විනාඩි පහක් ගතවෙද්දී එහි හිමිකාර කාන්තාව දුරකථනයෙන් අපට කතා කළාය.

කවුද කිව්වේ මෙතන කාන්තාවෝ හතරක් ඉන්නවා කියලා. ඒක බොරුවක්. එක් කාන්තාවයි ඉන්නේ. හරිද අපිට බලපත‍්‍ර තියෙනවා. වෛද්‍යවරයා ගමනක් ගියා” ඇය කීවාය. අපි පොලිසියට ලබාදුන් තොරතුරු වෙන අයකුට යන්නට විදිහක් නොමැති බවත් ඇයට පොලිසියෙන් කතා කළාද යන්න අපි ඇයගෙන් පෙරළා විවසුවෙමු.

”නෑ නෑ අපිට පොලිසියත් එක්ක ගනු දෙනුවක් නෑ. මට වෙන තැනකින් තමයි කිව්වේ” ඇය කීය. අප පොලිසියට ලබාදුන් තොරතුරු වෙනත් අයකුට යන්නට විදිහක් නොමැති නිසා ”ඔයාලට පොලිසියෙන් කතාකළාද?” නැවත අප විමසුවෙමු ”නෑ නෑ. ඇය කීවාය”

මෙම ප‍්‍රශ්නය විසඳා ගැනීම සඳහා නැවත අපි පොලිසියට කතා කැර මෙම විස්තරය කීවෙමු. පොලිසිය කීවේ දුරකථනයෙන් කතා කොට එම අයට අවවාද කළ බවයි. කාන්තාවන් හතර දෙනෙක් සිටින බවත් වෛද්‍ය වරයකු නොමැති බවත් ප‍්‍රකාශ කරමින් අවවාද කළ බව කීය. එහෙත් එම කාන්තාව නැවත වරක් අපට කීවේ පොලිසිය කතා නොකළ බවයි. එහි සත්‍ය අසත්‍ය ජනතාවට තීරණය කිරීමට අපි භාර කරන්නෙමු.

ආයුර්වේදය අප සංස්කෘතිය හා එකට බැඳී ඇති එකකි. ආයුර්වේද දෙපාර්තමේන්තුව දිගට හරහට රට පුරා සම්බාහන මධ්‍යස්ථාන වලට අවසරදී ඇත. ඒවායේ සිදුවන්නේ කුමක්දැයි සොයන්නේද නැත. සමාජ විරෝධී සංස්කෘතික විරෝධී ක‍්‍රියා මෙහි සිදුවෙයි.

පාරම්පරික හොරිවිල වෛද්‍යාචාර්ය ශාන්ත සෙනෙවිරත්න මහතා හොරිවිල වෙදගෙදර පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවේදී කියා සිටියේ රාජ්‍ය නිලධාරීන්ගේ අමාත්‍යාංශ නිලධාරීන්ගේ ඇතැම් පොලිස් නිලධාරීන්ගේ සහාය ඇතිව ආයුර්වේද සම්බාහන නමට මුවාවී බොහෝ පිරිසක් ගණිකා නිවාස පවත්වාගෙන යන බවත් නීතියෙන් බේරීම සඳහා අවශ්‍ය ආවරණ යොදාගෙන ඇති බවත්ය.

මේ පිළිබඳව ජනාධිපතිවරයාගේ මෙන්ම විෂයභාර ඇමැතිවරයාගේ අවධානය යොමු කැර කඩිනමින් මෙම තත්ත්වය නවතා දමන්නැයිද ඉල්ලා සිටියේය. මෙහිදී ශාන්ත සෙනෙවිරත්න මහතා මෙසේද පැවැසීය.

postitute sri lanaka

දේශීය වෙදකමේ පාරම්පරික වෙදකම අපේ සංස්කෘතියත් එක්ක බැඳී ඇති දෙයක්. අද බොහෝ ස්ථානවල සිද්ධ වෙන්නේ සම්බාහන නම දාගෙන සංස්කෘතියට සමාජයට නොගැළපෙන දේවල්. කිසිම දැනුමක් නැති පිරිසක් දමාගෙන තනිකරම ගණිකා නිවාස පවත්වාගෙන යනවා. හරියට ගණිකා වෘත්තිය නීතිගත කළා වගේ.”

”හැබැයි මේ වැඬේ හරියට පවත්වා ගෙන යන අයත් ඉන්නවා. බහුතරයක් තියෙන්නේ මුදලට කාන්තාවන් අලවි කරන ස්ථාන.”

මම දේශීය වෛද්‍ය ඇමැතිතුමාගෙන් ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ මෙම සම්බාහන මධ්‍යස්ථාන කියලා පවත්වාගෙන යන ස්ථාන වලට නව නීති හඳුන්වලා දීලා නියමාකාරව මෙය කරගෙන යන්න අවශ්‍ය පියවර ගන්න කියලයි. එහෙම නොවුණහොත් අපේ දේශීය වෙදකමත් රටේ සංස්කෘතියත් දෙකම පිරිහෙනවා.

දැනටමත් ලංකාවේ සෑම නගරයකම දහයක් පහළොවක් තියෙනවා මේ වගේ ස්ථාන. ඉදිරියේදී පාරම්පරික වෛද්‍යවරු ආයුර්වේද වෛද්‍යවරු එක්ව මේ ගණිකා ජාවාරම නවත්වන්න අවශ්‍ය පියවර අපි ගන්නවා.

”අද මේ ජාවාරම මත්කුඩු ජාවාරම වගේ වෙලා. පාසල් දරුවෝ වෘත්තිකයෝ බොහෝමයක් සම්බාහන මධ්‍යස්ථානවලට යනවා. ගිහින් ලබාගන්නේ වෙන දෙයක්. මේක රහසිගතව සොයා බලන්න.

බලපත‍්‍රවලට මුවා වෙලා කරන මේ වැඬේ ගැන. මේ විනාශය ගැන අද අපිට තියෙන්නේ හරිම කනගාටුවක්. මේවායේ ඉන්න කුඩා ළමයින් ආයුර්වේදය ගැන තියා පොල් පලා ගහක් අඳුරන්නේ නැහැ.

හැබැයි ආයුර්වේද ප‍්‍රතිකාර ලබාදෙනවා කියලා බලපත‍්‍ර ලබාගෙන තියෙනවා. මේ ගැන කඩිනම් අවධානය යොමු නොකළොත් අපි පාරට බැහැලා ජනතාව දැනුවත් කරනවා” වෛද්‍යවරයා කීවේය.

news:hotandfastnews

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...