-‘පිරිපුන් මවුබිමක් – අභිමන් හෙට දිනක්’ තේමාව කරගත් 67වැනි ජාතික නිදහස් උත්සවය අද දින (පෙබරාවරි 04) අභිමානවත් ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 8.00 ට පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය.
ඉතා චාම් අයුරින් අවම පිරිවැයක් යටතේ මෙවර නිදහස් උත්සවය පැවැත්වූ අතර උත්සවය ආරම්භයට පෙර පෙරවරු 7.30ට යෙදෙන සුබ මොහොතින් කොළඹ 07 නිදහස් චතුරශ්‍රය අභියස පිහිටි දේශමාන්‍ය ඩී.එස්. සේනානාක මහතාගේ පිළිරුවට පුජෝපහාර පැවැත්වීමට ඩී.එස්. ගුණ සමරු කමිටුව කටයුතු සූදානම් කර තිබුණු අතර එය මෙවර නිදහස් උලළේ සුවිශේෂි අවස්ථාවක් විය.
උදෑසන 7.00 සිට බෞද්ධාගමික වැඩසටහන් සහ සර්වාගමික වතාවත් සිදු වූ අතර මෙවර ආචාර පෙළපාලිය සඳහා ත්‍රිවිධ හමුදාව පොලිසිය, සිවිල් ආරක්ෂක බළකාය, ජාතික ශිෂ්‍ය භට බළකාය සහ යොවුන් සේනාංකය, යනාදී අංශ වෙතින් නිලධාරීන් පන්දහස් නමසිය විසි දෙකක් ද, සංස්කෘතිකාංග හයසීයයක් ද සහභාගි විය.
නිදහස් උත්සවයට සමගාමීව පෙබරවාරි 02 සඳුදා රාත්‍රීයේ නිදහස් චතුරශ්‍රයේ පරිත්‍රාණ ධර්ම දේශනාවක් පැවැත්වූ අතර පෙබරවාරි 03 දින මරදාන ශ්‍රී ලංකා මහා පිරිවෙනේ සංඝගත දක්ෂිණාවක් ද පැවැත්විණි.
රජය විසින් චක්‍රලේඛන නිකුත් කර තිබෙන පරිදි ජාතික නිදහස් උත්සවයට සමගාමීව ප්‍රාදේශීය වශයෙන් නිදහස් සමරු උළෙලවල් අද දිනයේ රට පුරා පැවැත්වෙන අතර එම උත්සව ද ඉතා චාම් අයුරින් පැවැත්වේ.