Wednesday , 22 January 2025

යුද හමුදාවට පොලිස් රග්බි කණ්ඩායම පැරදෙයි.

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ හතරවැනි සතියේ දෙවැනි තරගයෙන් යුද හමුදා කණ්ඩායම පරදා ලකුණු 27 – 18 ක ජයක් ලැබීමට පොලිස් කණ්ඩායම සමත් වූ අතර කොළඹ තුරඟ තරග පිටියේදී පැවැති මෙම තරගයේදී පළමු අර්ධයේ ලකුණු 17-15 ක් ලෙසින් ඉදිරියෙන් සිටීමට පොලිස් ක්‍රීඩකයෝ සමත් වූහ.
පොලිස් කණ්ඩායම ගෝල දිනුම් 2 ක්, උත්සාහක දිනුම් 2 ක් හා දඬුවම් පහර මගින්ද යුද හමුදාව ගෝල දිනුමක්, උත්සාහක හා දඬුවම් පහර 2 ක් මගින්ද සිය ලකුණු රැස්කළේය. කෙසේ නමුත් මෙම තරගාවලියේ පළමු වටයේ පැවති තරගයකින් පොලිස් කණ්ඩායම යුද හමුදාව හමුවේ පරාජයට පත්වීම විශේෂත්වයකි.

Check Also

සුසිල්ගේ ගේම මහින්ද හෙළිකරයි

මෛත්‍රීට ඇටෑක් කරන එක වහාම නවත්තන්න. මම මිනිහව හැන්ඩ්ල් කරන්නම්. මේ කරපු වැඩේ සම්පූර්ණ ගෞරවය ...

අවුල් අස්සේ – හිරුණිකාට මඟුල්

බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය අද (05) යුග දිවියට ඇතුළත් වීමට නියමිත බව ...