-ශ්‍රී ලංකා ටෙලිකොම් එකම රටක්, එකම හඩක්, තේමාව පෙර දැරි කර ගත් රටේ පරිගණක සාක්‍ෂරතාව සහ ඉහළ අන්තර්ජාල පරිශීලනය ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් විවිධ නවාංග හඳුන්වා දෙන ශ්‍රී ලංකාවේ ජාතික සන්නිවේදන සමාගම ලෙසින් නම් දරයි.
රටේ අනාගත සංවර්ධනය වෙනුවෙන් ඉහළම දායකත්වය ලබා දෙමින් තම බ්‍රොaඩ්බෑන්ඩ් පාරිභෝගිකයන් සඳහා 2015 නව වර්ෂය ආරම්භයේ සිටම දෙගුණයක නව වේගයක් හඳුන්වා දීමට ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම කටයුතු කරමින් සිටින බව ද සතුටින් දන්වයි. නව වසරට සුබ පැතුම් එකතු කරමින් එම මිලටම හඳුන්වා දෙන මෙම නව වේග වර්ධනයන් පුළුල් පරාසයක් සහිත පැකේජයන් කිහිපයකින් ලබා ගත හැකි අතර 2Mbps ක් ලෙස පැවති අභිමාන, EntréeiyStudent 7GB පැකේජ හිමියන්ට 4Mbps දක්‌වාවූ වේගයක්‌ද Web Starter, Web paliyStudent 13GB පැකේජ හිමියන්ට 4Mbpsisg 8Mbps දක්‌වා ඉහළ ගිය වේගයක්‌ද, 8Mbps ක් වූ වේගයක් සහිත Web Family, Web Surfer සහ Web Pro පාරිභෝගිකයන්ට 16 දක්‌වා වූ වේගයක්‌ද මෙම නව හඳුන්වා දීමත් සමග හිමි වෙයි. ශ්‍රී ලාංකික අන්තර්ජාල පරිශීලකයින්ට අති නවීන තාක්‍ෂණය භාවිතා කරමින් ඉහළම විශ්වාසනීය භාවයකින් යුතුව නොනවතින අධිවේගී අන්තර්ජාල අත්දැකීමක් සැපයීමට ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම කටයුතු කරමින් සිටියි.
ශ්‍රී ලංකා ටෙලිකොම් වෙතින් සපයන Wi-Fi රවුටරය මගින් නිවසේ සෑම සාමාජිකයෙකුටම සිය ලැප්ටොප්, පරිගණක, ටැබ් හෝ ස්‌මාර්ට් පෝන් යනාදී උපාංග වලින් එකම වේලාවකදී අන්තර්ජාලයට පිවිසීමේ හැකියාවද උදාකරදී ඇත.