නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවට කඩුලු 6ක විශිෂ්ට ජයක්

නවසීලන්තය සමග පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 6ක විශිෂ්ට ජයක් හිමිවිය.

ඒ අනුව තරග 7කින් සමන්විත එක්දින තරගාවලිය දෙපිලම තරග එක බැගින් ජයගෙන සම තත්ත්වයේ පසුවේ.

හැමිලන්හිදී පැවති තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායම ප්‍රථමෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 50 තුළදී සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 248ක් ලබා ගත්තේය.

නවසීලන්තය වෙනුවෙන් වේගවත් ඉනිමක් දියත් කළ බ්‍රෙන්ඩම් මැකලම් පන්දු 99කදී ලකුණු 117ක් ලබා ගැනීමට සමත් විය.

මැකලම්ගේ 5වන එක්දින ශතය මෙය වේ.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් රංගන හේරත් ලකුණු 36කට කඩුලු 2ක් බිඳ දැමුවේ ය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 47යි පන්දු 4කදී කඩුලු 4ක් පමණක් දැවී තිබියදී ජයග්‍රාහී සීමාව පසු කිරිමට සමත් විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් අගනා පිතිහරඹයක නිරත වූ තිලකරත්න ඩිල්ෂාන් පන්දු 127කදී ලකුණු 116ක් ලබා ගත්තේය.

එය ඩිල්ෂාන්ගේ එක්දින ක්‍රිකට් දිවියේ 19වන ශතකය වේ.

පන්දු යැවීමේදී නවසීලන්තයේ මැට් හෙන්රි ලකුණු 34කට කඩුලු 2ක් බිඳ හෙලීමට සමත් විය.

තරගයේ වීරයා සම්මානය තිලකරත්න ඩිල්ෂාන්ට හිමිවිය.

Check Also

සුසිල්ගේ ගේම මහින්ද හෙළිකරයි

මෛත්‍රීට ඇටෑක් කරන එක වහාම නවත්තන්න. මම මිනිහව හැන්ඩ්ල් කරන්නම්. මේ කරපු වැඩේ සම්පූර්ණ ගෞරවය ...

අවුල් අස්සේ – හිරුණිකාට මඟුල්

බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය අද (05) යුග දිවියට ඇතුළත් වීමට නියමිත බව ...