-ශ්‍රී ලංකා – නවසීලන්ත තුන්වැනි එක්දින ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට විනිසුරුවරු තීරණය කළහ.
පළමුවෙන් පන්දුවට පහර දෙන නවසීලන්ත කණ්ඩායම වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට පන්දුවාර 28යි පන්දු 5ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 145කි.
ඔක්ලන්ඩ්හි දී පැවැත්වෙන තුන්වැනි එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේ ය.
බ්‍රෙන්ඩන් මැකලම් ලකුණු 28කට ඉනිමේ පළමු කඩුල්ල ලෙස දැවී ගියේ ය.
මාටින් ගප්ටිල් අද රැස් කළේ, 20 වැනි අර්ධ ශතකය යි.
ටොම් ලැතම් ලකුණු 42 කට දැවී ගිය අතර රොස් ටේලර් ලකුණු 3ක් රැස් කළහ.
තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් එක් කණ්ඩායමකට පන්දුවාර 43 බැගින් ලබා දීමට විනිසුරුවරු තීරණය කළහ.