13.1 C
London
Sunday, December 7, 2025
spot_img

නවසීලන්තයට ලකුණු 108ක ජයක්

-ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර අද පැවති 5 වන එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 108ක පරාජයක් හිමි විය.

තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකා නායක ලහිරු තිරිමාන්න පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේ ය.

ඒ අනුව, පන්දුවට පහර දීම ඇරඹූ නවසීලන්තයේ බිඳ වැටුණු කඩුලු 5 ලකුණු 93කදී බිඳ වැටීම විශේෂත්වයකි.

6 වන කඩුල්ල වෙනුවෙන් පන්දුවට පහර දුන් ග්‍රාන්ට් එලියට් සහ ලූක් රොන්කි එක්ව ලකුණු 267ක නොබිඳුණු සබඳතාවක් ගොඩ නැගූහ.

ඔවුන් 6 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 267ක නොබිඳුණු සබඳතාවක් ගොඩ නැගූහ.

එය එක්දින තරගයකදී 6 වන කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගූ ඉහළ ම ලකුණු සබඳතාව ලෙස ක්‍රිකට් ලෝක වාර්තා අතරට එක් විය.

එහිදී ලූක් රොන්කි පන්දු 99කදී නොදැවී ලකුණු 170ක් රැස් කළ අතර ග්‍රාන්ට් එලියට් පන්දු 96කදී නොදැවී ලකුණු 104ක් රැස් කළේ ය.

ඒ අනුව, නවසීලන්තය කඩුලු 5කදී ලකුණු 360ක් රැස් කිරීමට සමත් විය.

ඊට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු කඩුලු දැවී රැස් කළේ, ලකුණු 252ක් පමණි.

එහිදී තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 116ක් සහ ලහිරු තිරිමාන්න ලකුණු 45ක් රැස් කළ ද අනෙක් කිසිදු පිතිකරුවෙකු සාර්ථක නොවීය.

පන්දු යැවීමේදී ට්‍රෙන්ට් බෝල්ට් කඩුලු 4ක් බිඳ හෙළීය.

තරගයේ දක්ෂතම ක්‍රීඩකයා සම්මානය ලූක් රොන්කි සහ ග්‍රාන්ට් එලියට් යන දෙදෙනා අතර බෙදී ගියේ ය.

New Zealand v Sri Lanka

CRICKET-NZL-SRI

New Zealand v Sri Lanka

CRICKET-NZL-SRI

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles