ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච්හිදී අද ආරම්භ විය.
කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේ ය.
ඒ අනුව, නවසීලන්ත කණ්ඩායම අද දිනයේ තරගය නතර කරන විට කඩුලු 7ක් දැවී රැස් කර සිටි ලකුණු සංඛ්‍යාව 429කි.
නවසීලන්ත නායක බ්‍රෙන්ඩන් මැකලම් මෙහිදි පන්දු 134කදී ලකුණු 195ක් රැස් කීරීම සුවිශේෂී සිද්ධියක් විය.
ඊට අමතරව, ජේම්ස් නීෂාම් පන්දු 80කදී ලකුණු 85ක් රැස් කළ අතර කේන් විලියම්සන් ලකුණු 54ක් රැස් කළේ ය.
සිය මංගල ටෙස්ට් තරගයට සහභාගි වන තරිඳු කෞෂාල්ට මේ තරගය අමිහිරි අත්දැකීමක් බවට පත්වූයේ, පන්දු වාර 22කදී ලකුණු 159ක් ලබා ගැනීමට නවසීලන්ත පිතිකරුවන් සමත් වීම හේතුවෙනි.
ඔහු ප්‍රතිවාදී පිතිකරුවන්ට 6 පහර 7ක් පූජා කළ අතර ඔහුගේ පන්දු යැවීමේ සාමාන්‍යය පන්දුවාරයකට ලකුණු 7.22ක් විය.