17.1 C
London
Thursday, November 13, 2025
spot_img

එංගලන්තයට එරෙහි එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට.

එංගලන්තයට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලිය තව ත් තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් විය.

ඒ, පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද පැවති 6වැනි එක්දින තරගය ලකුණු 90 කින් ජය ගැනීමත් සමගිනි.

ඒ අනුව තරග 7කින් සමන්විත එක්දින තරගාවලිය තරග 4ට 2ක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටිති.

අද තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

මහේල ජයවර්ධන සහ ටී.එම්. ඩිල්ෂාන් ආරම්භක පිතිකරුවන් වශයෙන් අද පිටියට පිවිසියේය.

නමුත් මහේලට සාර්ථක වීමට නොහැකි විය.

මහේලට ලබාගත හැකි වූයේ ලකුණු 8ක් පමණි.

අනතුරුව දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 153ක සබඳතාවයක් ගොඩනැංවීමට ටී.එම්. ඩිල්ෂාන් සහ කුමාර් සංගක්කාර සමත් විය.

ඩිල්ෂාන් ලකුණු 68කට දැවී ගියේය.

සංගක්කාර අද සිය එක්දින ක්‍රිකට් දිවියේ 20වන එක්දින ශතකය වාර්තා කිරීමට සමත් විය.

සංගක්කාර ලකුණු 112කට දැවී ගියේය.

ඔහුගේ ඉනිමට හතරේ පහර 12ක් සහ හයේ පහර 2ක් ඇතුලත් විය.

දිනේෂ් චන්දිමාල් ලකුණු 35ක් ලබා ගත්තේය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 7ක් දැවී ලබාගත් ලකුණු ගණන 292කි.

ස්ටීවන් ෆින් සහ ක්‍රිස් ජෝර්ඩ්න් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියේය.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසි එංගලන්ත ඉනිමේ පළමු කඩුල්ල එක් ලකුණක් තුළ දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වූහ.

නායක ඇලෙස්ටයාර් කුක් එක් ලකුණකට දැවී ගියේය.

සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ ජෝ රූට් ලබාගත් ලකුණු ගණන 55කි.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ සුරංග ලක්මාල් ලකුණු 30කට කඩුලු 4ක් සහ සචිත්‍ර සේනානායක ලකුණු 33කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය.

දෙරට අතර 7වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය ලබන 16වන දා කොළඹ, ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

තරගයේ වීරයා සම්මානය කුමාර් සංගක්කාරට හිමිවිය.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles