23.4 C
London
Friday, August 8, 2025
spot_img

සංගා සහ තිරිමාන්නගේ වාර්තාගත සබඳතාවයෙන් එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්.

-ලෝක කුසලාන තරගාවලියේ එංගලන්තය සමග තරගය කඩුලු 9කින් ජයගත් ශ්‍රී ලංකා පිල සුපිරි 8 වටයට පිවිසීමේ බලාපොරොත්තු ඉහල නංගා ගැනීමට සමත් වෙයි.
තරගය පැවැත්වුනේ වෙලින්ටන්හි වෙස්ට් පැක් ක්‍රීඩාංගණයේ. කාසියේ වාසිය දිනාගත් එංගලන්තය පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ලබාගත්තා. පන්දුවාර 50 අවසානයේ කඩුලූ 6ක් දැවී ඔවුන් රැස් කල ලකුණු සංඛ්‍යාව 309ක්. තරගය ආරම්භයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් තරගයේ පාලනය පවත්වාගෙන ගියත් ජෝ රූට් ලබාගත් ශතකයත් සමග වැඩි වාසි එංගලන්තය දෙසට යොමු වුනා. ඔහු පන්දු 108කින් ලකුණු 121ක් රැස් කලේ 6 පහර 2ක් සහ 4 පහර 14ක් සමගින්. ඉයන් බෙල් ලකුණු 49කට දැවී ගියා. ජොස් බට්ලර් පන්දු 19කින් ලකුණු 39යි. තිසර පෙරේරා ක්‍රියාත්මක කල 45වන පන්දුවාරයේදී ලකුණු 25ක් සහ සුරංග ලක්මාල් ක්‍රියාත්මක කල් අවසන් පන්දුවාරයේදී ලකුණු 22ක් එංගලන්තය ලබාගැනිම කැපි පෙනුනා. සුරංග අද (1) දිනයේ බීමර් පන්දු හෙවත් ඉනෙන් ඉහලට යැවෙන ෆුල්‘ටොස් පන්දු දෙකක් යැවීම නිසා ඔහුගේ පන්දු යැවීම අත්හිටවීමට සිදුවුනා. මෙනිසා අවසන් පන්දුවාරයේ අවසන් පන්දු දෙක තිලකරත්න ඩිල්ෂාන් ක්‍රියාත්මක කලා. තමා වෙතට පෙරලා පැමිණි උඩපන්දුවක් රැකගැනිමට උත්සහ කිරීමේදී රංගන හේරත්ගේ වම් අතේ දබරඇගිල්ල් ආබාධයකට ලක්වුනා. මෙනිසා ඔහු පිටියෙන් ඉවත් වුනේ 49 වන පන්දුවාරයේදී.
පන්දු යැවීමේදී හේරත්,මාලිංග, ඇන්ජලෝ, තිසර, ඩිල්ෂාන් සහ සුරංග ලක්මාල් කඩුල්ල බැගින් දවාගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ශ්‍රී ලංකා පිල පන්දුවාර 47.2කදී ලකුණු 312ක් ලබා ජය වාර්තා කලේ එක් කඩුලූලක් පමණක් බිද වැටී තිබියදී. එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 300 ඉක්මවූ ලකුණු සංඛ්‍යාවක් හඹාගොස් ජයගත් ලොව දෙවන කණ්ඩායම බවට ශ්‍රී ලංකාව පත්වුනා. මින්පෙර ඔස්ට්‍රේලියාවට එරෙහිව මෙම දස්කම දැක්වීමට ඉන්දියාව සමත් වුනා. තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 44කට දැවී ගියා. තම හොදම එක්දින ඉනිම සටහන් කල ළහිරු තිරිමාන්න නොදැවී ලකුණු 139ක් රැස් කලා. ලෝක කුසලාන ශතකයක් වාර්තා කල ලාබාලතම ශ්‍රී ලාංකික පිතිකරුවා ලෙස ඔහු වාර්තා අතරට එක්වුනා. සිය 23වන ශතකය වාර්තා කල කුමාර් සංගක්කාර එක්දින පිටියේ දෙවන වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටිනවා. ඔහු අද (1) නොදැවී ලකුණු 119ක් රැස් කලා. එක්දින ලකුණු 14000 සීමාවට ලගාවූ ලොව දෙවන ක්‍රීඩකයා වීමට සංගාට අවශ්‍යව ඇත්තේ තවත් ලකුණු 39ක් පමණයි. සංගා සහ තිරිමාන්න අතර දෙවන කඩුලූ වෙනුවෙන් ලකුණු 212ක නොබිදුනු සබඳතාවක් ගොඩ නැගුනා. එය ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගුනු හොදම ලකුණු සබදතාවයි. ඔවුන් දෙදෙනා බිඳ දැමුවේ බංග්ලාදේශය සමග පසුගිය තරගයේදී සංගා සහ ඩිල්ෂාන් විසින් පිහිටවූ ලකුණු 210ක වාර්තාවයි. සිය වේගවත්ම එක්දින ශතකය පන්දු 70කින් වාර්තා කල සංගා තරගයේ වීරයා ලෙස නම් කෙරුණා. ශ්‍රී ලංකාව සහභාගි වන මීලග තරගය ලබන ඉරිදා පැවැත්වෙන්නේ ඔස්ට්‍රේලියාව සමගින්. එම තරගය මහේල සහභාගිවන 446වන එක්දින තරගය වන අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම එක්දින තරග සංඛ්‍යාවක් නියෝජනය කල ක්‍රීඩකයා බවට ඔහු පත්වනවා. මේ වන විට සනත් ජයසූරිය සහ මහේල එක්දින තරග 445බැගින් ක්‍රීඩා කර තිබෙනවා. ශ්‍රී ලංකාව සහභාගි වන පළමු වටයේ අවසන් තරගය ලබන 11 වනදා පැවැත්වෙන්නේ ස්කොට්ලන්තය සමගයි. මෙම තරග දෙකෙන් එකක් ජයගතහොත් ශ්‍රී ලංකාවට සුපිරි 8 වටයට අනිවාර්යයෙන් පිවිසිය හැකියි. තරග දෙකම පරාජය වුවද සුපිරි 8 වටයට ඇතුලත් වීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ඉතිරිව තිබෙනවා.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles