ලංකාවේ ජිම් යන පිරිමි එළියට එන්නේ වඳභාවයට පත්වෙලා !

කායවර්ධන මධ්‍යස්ථානවලට යන ඇතැම් පිරිමින් වඳභාවයට පත්වීමේ අවධානමක් මතුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වෘත්තීය හා පාරිසරික ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආනන්ද ජයලාල් මහතා සඳහන් කළේය.

මෙම අවධානම් තත්තවය මතුව ඇත්තේ ඇතැම් කායවර්ධන මධ්‍යස්ථානවලදී පිරිමින්ට කාන්තා හෝමෝනයක් වන “ඊස්ටජන්” හෝමෝනය අන්තර්ගත කළ ආහාර පාන ලබා දීම හේතුවෙන් බව කරන ලද පර්යේෂණ වලදී හෙලිව ඇතැයි හෙතෙම කීය.මෙම ආහාර පාන අතර චොක්ලට් මිශ්‍රකළ පිටි වර්ග විශේෂ බවත් ඒවා පානය කිරීමෙන් අනතුරුව පිරිමින් තුලින් කාන්තා ගති ලක්ෂණ මතුවන බවත් ශූකාණු නිපදවීමට නොහැකි තත්තවයක් මත්වන බවත් මේ හේතුවෙන් දරුපල අහිමිවන බවත් අධ්‍යක්ෂවරයා පැවසීය.

මේ වන විට තරුණයින් හා පාසැල් වයසේ පසුවන පිරිමි දරුවන් විශාල පිරිසක් මෙම අවධානම් තත්තවයට ගොඳුරු වෙමින් පවති බවත් ඇතැම් තරුණයන් මෙම අවාසනාවන්ත තත්තවයට මේ වන විට ගොදුරු වී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යංශය කරන ලද සොයා බැලීමකදී හෙලිදරව් වූ බවද වෛද්‍ය ජයලාල් මහතා කීය.

මෙම කිරිපිටි කිලෝ දෙකේ ටින් එකක් රුපියල් 6000ක වැනි අධික මිලකට අලෙවි වන බවත් ඒ සම්බන්ධයෙන් ප්‍රධාන ආහාර බලධරයාගෙන් අවසර ලබා ගත යුතු වුවත් මොවුන් එසේ අවසර ලබා නොගෙන ඇති බවත් සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් විශේෂ සොයා බැලීමක් කිරීම දැනටමත් ආරම්භ කර ඇති බවත් ඒ අනුව පිටිටින්වල ඇතැම් ‍ලේබල් වෙනස් කර ඇති බවත් අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

(lakbima)

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...