Wednesday , 22 January 2025

එස්බීගේ පිස්සෝ, මෝඩයෝ, නරියෝ කතාව

සමසෞඛ්‍ය පීඨයේ ගැටළුව විසඳීමට කටයුතු කර ඇති නමුත් ඔවුන් එය පිළිගන්නට අකමැති බවත් ඔවුන් පිස්සන් නරියන් මෝඩයින් බවත් උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ මහනුවර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ පැවති උත්සවයකදී ය. පහත පළවන්නේ ඔහුගේ වචනයි.

‘නෑ.. මගේ වචනේ විශ්වාස කරන්න ඕනේ නෑ. අපි ඔය කියන ඔය කාලකණ්නින්නට ලිඛිතව දෙන්නෙත් නෑ. උන් පිස්සෝ උන් මෝඩයෝ..උන් නරියෝ.. නමුත් මේ.. මේකේ ඉගෙන ගන්න ශිෂ්‍යයෝ අපිට ස්තූති කරනවා ටෙලිපෝන් කර කර.. දෙමව්පියෝ ස්තූති කරනවා ටෙලිපෝන් කර කර. ඒ හින්දා නරින්ට උත්තර දෙන්නෑ. දරුවන්ට තමයි උත්තර දෙන්නේ. අපි හිතන්නේ මේ ප‍්‍රශ්නය සම්පූර්ණයෙන්ම නිරාකරණය වෙලා. මේක සම්පූර්ණයෙන්ම නිරාකරණය වෙනවා අර අතන දැන් අද උදේ එක්කෙනයි හිටියේ. ඉඳගෙන කොළඹත් අපේ අමාත්‍යාංශේ ළග හතර දෙනෙක් ද කොහෙද ඉන්වනා කියලා ආරංචියි. ඒ කට්ටියට ඕන කරලා තියෙනවා මේක ඇදෙගෙන දුවන්න. නීතිපතිතුමා ළගට ගියා. නීතිපතිතුමා ළගට මේ සියලූ දෙනාම මේකට එකතු වුණා. ක්‍රෙඩිට් 120 අවුරුදු 3ත් 4ත් ඇතුළත කාලයක් තුළ ලබා ගැනීමට පහසුකම් දෙන්න ඕනේ කියලා. නීතිපතිතුමා ඉදිරියේ මේ සියලූ දෙනාම එකග වුණා. ඒ හින්දා නීතිපතිතුමා විශේෂ ගැසට් පත‍්‍රයක් පළ කරනවා. ප‍්‍රශ්නේ ඉවරයි.’

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...