16 C
London
Thursday, November 13, 2025
spot_img

ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කිසිදු විරෝධයක් නැති බවයි.

-ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කිසිදු විරෝධයක් නැතැයි හිටපු ඇමැති ඩිලාන් පෙරේරා මහතා අද පාර්ලිමේන්තුවේ දී කීවේය.
මහින්ද රාජපක්ෂ රජය පරාජය වීමට ප්‍රධානම හේතුව ජාතිවාදී, වාර්ගවාදී ක්‍රියාවන් බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බව කියා ගන්නා ඇතැමුන් ජාතික ගීය දෙමළ භාෂාවෙන් කීමට එරෙහි බව කියනුයේ ඔවුන්ගේ පෞද්ගලික අදහස බවත්, බොදුබල සේනාව වැනි සංවිධාන වල තැන ඔවුනට හිමි බවත් හිටපු ඇමැතිවරයා පැවසීය. වාසුදේව නානායක්කාර මහතා පැවසුවේ ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් පරිදි දෙමළ සහ සිංහල භාෂා රාජ්‍ය භාෂා වන බැවින් දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීමේ වරදක් නැති බවයි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles