හත්වැනි ජනාධිපතිවරණයේදී තේරී පත්වන අපේක්ෂකයා ලබන 9 වැනිදා සවස වන විට ප්‍රකාශයට පත් කිරීමට
හැකිවනු ඇතැයි අතිරේක මැතිවරණ කොමසාරිස් යු. අමරදාස මහතා පවසයි.
ලබන 8 වැනිදා පවත්වනු ලබන ජනාධිපතිවරණය ඡන්ද විමසීම ඡන්ද මධ්‍යස්ථාන 12,314 කදී පැවැත්වෙන අතර
ඡන්ද ගණන් කිරීම මධ්‍යස්ථාන 1419 කදී සිදුකරනු ලැබේ.
මෙවර ඡන්දය ලබා දීමට ඡන්දදායකයින් එක්කෝටි පනස් ලක්ෂ හතළිස් හතර දහස් හාරසිය අනු දෙනෙක්
(1,50,44,490) සුදුසුකම් ලබා සිටිති.
ඡන්ද මධ්‍යස්ථාන, ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන, ඡන්ද පෙට්ටි ප්‍රවාහනය ආදී සියලු ස්ථානවලට විශේෂ පොලිස්
ආරක්ෂාව ලබා දී තිබෙන බව ද අතිරේක මැතිවරණ කොමසාරිස්තුමා ප්‍රකාශයට පත්කර ඇත.
රාත්‍රි 10.00 පමණ වන විට පළමු තැපැල් ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමට හැකි වෙතැයි අපේක්ෂා කරන බව ද
අමරදාස මහතා ප්‍රකාශ කළේ ය.මෙවර ජනාධිපතිවරණ මැතිවරණයට තරඟ කිරීම සඳහා පිළිගත් දේශපාලන
පක්ෂවලින් අපේක්ෂකයන් දහහත් දෙනෙකුද ස්වාධීන අපේක්ෂකයන් දෙදෙනෙකුද ඉදිරිපත් වී ඇති අතර එක්සත්
ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ කරන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් නව ප්‍රජාතන්ත්‍රවාදී
පෙරමුණෙන් තරඟ කරන මෛත්‍රීපාල සිරිසේන මහතාත් අතර තියුණු සටනක් පවතින බවට දේශපාලන විචාරකයන්
මත පළ කරති.
කෙසේ වුව ද මැතිවරණ ප්‍රචාරක කටයුතු පස්වැනි දින එනම් අද දින මධ්‍යම රාත්‍රියෙන් අවසන් කිරීමට නියමිතව ඇත.