බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කිරීමට බලාපොරොත්තු වන ශ්‍රිලංකික තරුණියක් පිළිබඳව තොරතුරු වාර්තා වෙයි.
චමාලි ප්‍රනාන්දු නමැති ඇය 1979 වසරේදී උපත ලබා ඇති අතර මේ වන විට 36 වන වියේ පසුවේ.
ඇගේ දෙමාපියන් වන්නේ, වින්නඹු මාතාවක ලෙස සේවය කළ වනිතා ප්‍රනාන්දු සහ නීතීඥ සුමල් ප්‍රනාන්දු යුවළ යි.
චමාලි ප්‍රනාන්දු මේ වන විට බ්‍රිතාන්‍යයේ පදිංචිව සිටින අතර ඇය මෙවර කේම්බ්‍රිජ් නගරයේ කන්සවේටිව් පක්ෂයේ පාර්ලිමේන්තු මැතිවරණ අපේක්ෂිකාව ලෙස තරග කරයි. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණය මැයි මස 7 වන දා පැවැත්වේ.
නීතීඥවරියක වන චමාලි ප්‍රනාන්දු බ්‍රිතාන්‍යයේ බැරිස්ටර් උපාධිධාරිනියක වේ. නීතිමය කටයුතුවලට අමතරව මානසික රෝගීන් පිළිබඳව විශේෂ සැලකිල්ලක් දක්වන ඇය මානසික රෝගීන් සඳහා අත්පළඳනාවක් පැළඳවිය යුතු බවට යෝජනා කර තිබේ.
සමාජයෙන් මානසික රෝගීන් අවශ්‍ය සැලකිල්ල ලබා ගැනීම සඳහා ඇය එම යෝජනාව කර ඇති අතර එය මේ වන විට බ්‍රිතාන්‍ය දේශපාලන වේදිකාවේ වඩා ත් කතාබහට ලක්ව ඇත. චමාලි ප්‍රනාන්දු පවසන්නේ, තමන් උසස් පෙළ විභාගය වෙනුවෙන් දේශපාලන විද්‍යාව හැදෑරූ සමයේ සිට දේශපාලනයට පිවිසීමේ කැමැත්තක් ඇති වුණු බව ය.
චමාලි ප්‍රනාන්දු පිළිබඳව Youtube වෙබ් අඩවියෙහි පළ කර ඇති වීඩියෝවක් පහත දැක්වේ.