‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ නැවත වතාවක් ප්‍රදර්ශනය කරනවා – සමන් වීරමන්

‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ සිනමා පටය කියන්නේ මෙරට සිනමා වංශකතාවේ ඇති මෑත කාලයේ බිහි වුනු අති දැවැන්ත නිර්මාණයක්.මේ චිත්‍රපටය මෙරට මෙන්ම විදේශීය නළු නිළියන්ගේ දායකත්වය ඇති නිර්මාණය වුනු මෙරට මෙන්ම විදේශීය රටවලද තිරගත වුනු ආදායම් වාර්තා අතින්ද ඉහළින් සිටි අග්‍රගන්‍ය සිනමා කෘතියක්.මේ චිත්‍රපටය තිරගත වී කාලයක් ගත වී ඇති නමුත් මේ සිනමා පටය නැවතත් ප්‍රදර්ශනය කරනු ඇති බවට රාවයක් පැතිර යනවා.මේ අයුරින් ‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ සිනමා පටය ගැන යළිත් කතා බහ කරන්න පටන් ගත්තේ මේ නිර්මාණය දිල්ලි ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ සම්මානයට පාත්‍ර වීමත් සමඟයි.මේ ගැන එක් සතිඅන්ත පුවත් පතක් එම සිනමා පටයේ නිර්මාණකරු වු සමන් වීරමන් මහතාගෙන් කරුණු විමසිමක් සිදුකර තිබුණා.මේ පුවත් පත මෙලෙස ඇසු පැනයට ඔහු පිළිතුරු ලබා දී තිබුණේ මේ අයුරිනි.

මේ චිත්‍රපටය ලංකාවේ නැවත තිරගත කරන්න බලාපොරොත්තු වෙනවද?

ඔව්. ඒ මොකද ‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ චිත්‍රපටය අපි තිරගත කළේ චිත්‍රපට සංස්ථාව රැගෙන ආ පිටපත් 35 නීතියේ පළමුවැනි නිදහස් කිරීම ලෙසින්. ඒ තත්ත්වයට එකඟව අපි පිටපත් 35ක් නිදහස් කළා. එහෙම කරලා වැඩිම ආදායම් වාර්තාත් තැබුවා. මේ සියල්ල කළේ කිසිදු පෝස්ටරයක්වත් ගහන්නේ නැතුව. අපි කැමැති වුණේ නෑ ‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ කියන නාමය වත් බිත්තිවලයි, බෝක්කු උඩයි අලවන්න. ඒ නිසා පෝස්ටර් ව්‍යාපාරයකුත් නැතිව තමයි අර තරම් ආදායම් වාර්තා එක්ක දිව්වේ.

ඊට පස්සේ චිත්‍රපටය ගලවන්න වුණෙත් මහජනතාව පෝලිමේ චිත්‍රපට ශාලාවලට ඇදී එමින් තිබුණු අවස්ථාවක. මේ නිසා අපේ රටේ බොහොමයක් පිරිසට මේ චිත්‍රපටය නැරඹීමේ අවස්ථාව මඟ හැරී ගියා කියලා අපි දන්නවා. ඒ නිසා ඔවුන් වෙනුවෙන් නැවත වතාවක් මෙහි ප්‍රදර්ශන කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා.

Courtesy – Rasaduna

Check Also

බොලිවුඩ් ගී ලොවට පායන ලංකාවේ උපන් තාරකාවිය(VIDEO)

ප්‍රියංකා චොප්රා, ශ්‍රද්ධා කපූර් සහ ආලියා භාට් බොලිවුඩ් සිනමාවෙන් ගී ලොවට පෑයූ තරු ලෙසයි සැලකෙන්නේ. ...

A special dhamma sermon held at Liverpool Sri sambuddha Viharaya.

A special dhamma sermon was conducted at Sri sambuddha viharaya in Liverpool on Sunday evening ...