FCID යට බයේ ක්‍රිකට් files උස්සලා

ක‍්‍රිකට් ආයතනයේ සිදුව ඇතැයි පැවසෙන මුල්‍ය අක‍්‍රමිකතා හා දුෂණ වංචා සම්බන්ධව පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසයෙන් (FCID) පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

ඒ අනුව පසුගිය බ‍්‍රහස්පතින්දා (14) සවස මුල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරින් ක‍්‍රිකට් ආයතනයට පැමිණ විමර්ශන කටයුතු ආරම්භ කර ඇත. එහි ගනුදෙනු රැසක් පිළිබඳ ලිපිගොනු අතුරුදන් වී ඇතැයි පොලිස් ආරංචිමාර්ග පවසයි.

ක‍්‍රිකට් ආයතනයේ ගනුදෙනු ගැන හිටපු ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේහා ක‍්‍රිකට් ආයතනයේ හිටපු ලේකම් නිශාන්ත රණතුංග මහත්වරුන්ට එරෙහිව චෝදනා එල්ල වෙමින් තිබේ.

තතුදත් ආරංචිමාර්ග පවසනුයේ මෙම පරීක්ෂණ මීට පෙර ආරම්භ කළේ නම් මෙම ලිපිගොනු ආරක්ෂා කරගැනීමට හැකියාව තිබුණු බවයි.

(පැතුම් ශ‍්‍රී විජේරත්න)

 

Check Also

සුසිල්ගේ ගේම මහින්ද හෙළිකරයි

මෛත්‍රීට ඇටෑක් කරන එක වහාම නවත්තන්න. මම මිනිහව හැන්ඩ්ල් කරන්නම්. මේ කරපු වැඩේ සම්පූර්ණ ගෞරවය ...

අවුල් අස්සේ – හිරුණිකාට මඟුල්

බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය අද (05) යුග දිවියට ඇතුළත් වීමට නියමිත බව ...