ඉන්දීය කාන්තා කණ්ඩායම සමඟ පැවති පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 3ක තියුණු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වූවාය.
ඒ අනුව තරග 3කින් සමන්විත තරගාවලිය තරග 1ට 0ක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටී.
ශ්‍රී ලංකාව වෙනුවෙන් මංගල පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයට ක්‍රීඩා කිරීමට අනුෂ්කා සංජීවනිට අද අවස්ථාව හිමිවීම විශේෂත්වයකි.
ඇය නොදැවී ලකුණු 3ක් ලබා ගත්තාය.
ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ්හී පැවති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළාය.
ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදි කඩුලු 3කට ලකුණු 147ක් ලබා ගත්තාය.
මිතලි රාජ් ලකුණු 67ක් ලබා ගැනීමට සමත් වූවාය.
ඔෂාධි රණසිංහ ලකුණු 27කට කඩුලු 2ක් ලබා ගත්තාය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 5ක් අවසානයේදි කඩුලු 7ක් පමණක් දැවී තිබියදී ජයග්‍රාහි ඉලක්කය පසු කිරීමට සමත් වූවාය.
ශ්‍රී ලංකා නායිකා ශෂිකලා සිරිවර්ධන ලකුණු 52ක් ලබා ගත්තාය.
රාජේෂ්වරී ගයාක්වාඩ් ලකුණු 24කට කඩුලු 3ක් දවා ගැනිමට සමත් වූවාය.
newsfirst